මෙරට රාජ්‍ය සේවයේ මෙන්ම බොහෝ අංශවල අල්ලස් ලබා ගැනීම් හා මහජන මුදල් අවභාවිතය පිළිබඳ පුවත් පසුගිය කාලයේ විශාල වශයෙන් මාධ්‍ය ඔස්සේ ප්‍රචාරණය විය.
එහිදී දේශපාලන ක්ෂේත්රයේ පමණක් නොව විවිධ ක්ෂේත්රයන් හි මෙම අල්ලස් ගැනීම් විවිධාකාරයෙන් ක්‍රියාත්මක වන බව අප දන්නෙමු.
කලා ක්ෂේත්රයේ කලාකරුවන් ද විවිධ අවස්ථාවන් හි දී විවිධ දේශපාලන බලාධිකාරීන්ගෙන් අල්ලස් ලබා ගැනීම් පිළිබඳ කරුණු කාරණා මාධ්‍ය තුළින් හෙළි වන අයුරු අපිට දැක ගත හැකිවිය.
අල්ලස හා දූෂණය අවම කිරීමට ශක්තිමත් නිවාරණ ඒකකයක් ඉදිරියේදි ස්ථාපිත කරන බවත් අධ්‍යාපනය, කලාව සහ මාධ්‍ය යොදා ගනිමින් අල්ලසට එරෙහි ජන මනසක් නිර්මාණය කිරීමට සුදානම් බවත් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහන් කර සිටී.
මේ සඳහා තවත් එක් පියවරක් වශයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මඟින් කලාකරුවන් 100 දෙනකු කැඳවා
අල්ලස් හා දුෂණය පිළිබඳ දැනුවත් කිරීමේ උත්සවයක් අගෝස්තු මස දෙවැනිදා පැවැත්වෙන බව මිරර්ආට්ස් වෙබ් අඩවිය වෙත වාර්තා වේ.
රට තුළ අල්ලස හා දුෂණය වැලැක්වීමට බිම් මට්ටමේ සිට දැනුවත් කිරිම් සිදු කරන බවත් මෙම ජාතික වැඩපිළිවෙලට සැමගේම සහාය අපේක්ෂා කරන බවත් ඒ පිළිබඳ අදහස් හා යෝජනා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන්සභාව වෙත ඉදිරිපත් කරන ලෙසද අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කර සිටියි.