සුප්‍රකට වෝග් ඉන්ඩියා විලාසිතා සඟරාවේ අගෝස්තු කලාපයේ මුල් කවරය ප්‍රකට බොලිවුඩ් නළු ශාරුක් ඛාන්ගේ දියණිය සුහානා ඛාන්ගේ රුවින් සරසා තිබේ.
ඇය විලාසිතා සඟරාවක් වෙනුවෙන් පෙනී සිටි පළමු අවස්ථව මෙය ලෙස සැලකේ.
මෙම සඟරා කලාපය එළිදැක්වීම ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවැත්වුණු විශේෂ උත්සවයකදී සිදු කළ අතර ඒ සඳහා රංගන ශිල්පී ශාරුක් ඛාන් සහභාගී වී සිටිම ද විශේෂත්වයකි.
වෝග් සඟරාව සංවිධාන කළ මෙම උළලේදී දී ඔහු සිය දියණියගේ ඡායාරූපවලින් වර්ණවත් වුණු සඟරාව අත දරා ගෙන මාධ්‍ය ඉදිරියේ පෙනී සිටියේ ය.
දියණිය ගැන තමන් සැබවින්ම සතුටු වන බවත් වෝග් සඟරාවට ස්තුතිවන්ත වන බවත් ඔහු ප්‍රකාශ කර තිබුණි.