අනුරුද්ධ ජයසිංහගේ නවතම සිනමා නිර්මාණය “ගින්නෙන් උපන් සිතල” (The Frozen Fire) එළඹෙන
සැප්තැම්බර් 28 වැනිදා ඇමරිකා එක්සත් ජනපදයේ දී එළිදැක්වීමට නියමිත ය.
ඒ අනුව ලොස් ඇන්ජලිස් හි නෝවෝක් නුවර පිහිටි රිජන්සි සිනමාශාලාවේ දී සතියක කාලයක් චිත්‍රපටය ප්‍රදර්ශනය කරනු ඇත.
ඒ සැප්තැම්බර් 28 වැනිදා සිට ඔක්තෝබර් 4 වැනිදා දක්වා ය.
හොඳම චිත්‍රපටය යන කාණ්ඩය යටතේ ලෝක ප්‍රකට ඔස්කාර් සිනමා සම්මාන උළෙලට ඉදිරිපත් කිරීම සඳහා All Lights Film Services (Pvt) Ltd ඉන්දියානු චිත්‍රපට ප්‍රවර්ධන සමාගම විසින් ‘ගින්නෙන් උපන් සිතල’ තෝරා ගෙන තිබුනේ ජූලි මුලදී ය.
ඇමරිකාවේ තිරගත වූ සිනමාපට පමණක් සම්මාන උළෙලට ඉදිරිපත් කළ යුතු බැවින් තරග සංවිධායකයින් නියම කරන නිශ්චිත කාල සීමාවක් තුළ මෙම සිනමාපටය එරට දී ප්‍රදර්ශනය කරන බව අධ්යක්ෂවරයා මින් පෙර මාධ්‍ය වෙත පවසා තිබුණි.
රෝහණ විජේවීර චරිතය ඇසුරින් නිර්මාණය කරන ලද “ගින්නෙන් උපන් සිතල” හි ප්‍රධාන භූමිකාව එනම් රෝහණ විජේවීර චරිතයට පණ පොවන්නේ කමල් අද්දරආරච්චි විසිනි.
සෙසු චරිත සඳහා සුලෝචනා වීරසිංහ, දිල්හානි අශෝකමාලා, ජගත් මනුවර්ණ, සුජීව ප්‍රියාල්, දීපානි සිල්වා, ප්‍රියන්ත සිරිකුමාර, විශ්වජිත් ගුණසේකර, සංජීව උපේන්ද්‍ර, අමල් රත්න ශාන්ත, සමීර හසුන්, චන්ද්‍රසෝම බිංදුහේවා, බුද්ධික ජයරත්න, ප්‍රසන්නජිත් අබේසූරිය, සුරාජ් මාපා, තුසිත් ලක්නාත්, හංසමාලා ජානකී, ජෙහාන් අප්පුහාමි, සුසාන් නිරෝෂන්, ජානක නිලංග, අංජන ප්‍රේමරත්න, මංජුල මොරගහ, චින්තක වාස්, ක්‍රිශාන්ත ජයබාහු, චින්තක කුලතුංග, ජීවනී කාරියවසම්, ලසන්ත ෆ්‍රැන්සිස්, පාලිත අබේරත්න හා බුද්ධික අබේරත්න දායක වී තිබේ.