'ගුරු ගෙදර උත්සවය' නමින් අනුස්මරණ උළෙලක් අගෝස්තු 30 වැනිදා සිට සැප්තැම්බර් 02 වැනිදා දක්වා චිත්‍රසේන කලායතනයේ දී පැවැත්වීමට නියමිත ය.
සිය හැත්තෑ පස් වසරක විචිත්‍රවත් ගමන් මාර්ගය උත්සවාකාරයෙන් අනුස්මරණය කරනු වස් මෙම උළෙල සංවිධානය කළ බව 'චිත්‍රසේන - වජිරා’ නර්තන පදනම නිවේදනය කර තිබේ.
දින හතරක් පුරා පැවැත්වෙන මෙම වැඩසටහන මෙරට සාම්ප්‍රදායික කලා අංග, සාකච්ඡා, වැඩමුළු වලින් සමන්විතය.
මිරාක් රහිම් විසින් රචිත චිත්‍රසේන චරිතාපදානයක් ද එහිදී එළිදැක්වීමට නියමිත ය.
'චිත්‍රසේන අනුස්මරණය' යනුවෙන් නම් කර ඇති ආරම්භක අවස්ථාවේ කලා ශිල්පී ජේ.ඩී. ගුණතුංග, උපේකා චිත්‍රසේන, රවිබන්දු විද්‍යාපති සහ කාන්ති ශිල්පාධිපති යන අයගෙන් සමන්විත මණ්ඩලයක සාකච්ඡා වාරයක්ද පැවැත්වෙනු ඇති අතර වැඩසටහනට රැස්වන ගුරුවරුන් හා කලාකරුවන් සාකච්ඡා වැඩමුළු හා රැඟුම් යනාදිය මඟින් ඔවුන්ගේ අත්දැකීම්, විශේෂතා සහ නිපුණතා ප්‍රකට කරනු ඇත.