අනුරුද්ධ ජයසිංහ සිනමා නිර්මාණයක් වන “ගින්නෙන් උපන් සීතල” (Frozen Fire) ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන “ඒෂියා පැසිෆික් ස්ක්‍රීන් අවෝඩ්ස් 2018” නම් සිනමා සම්මාන උළෙලක් සඳහා තේරී පත් වී තිබේ.
12 වැනි වරට සංවිධාන කෙරෙන මෙම උළෙල නොවැම්බර් 29 වැනිදා එරට බ්‍රිස්බේන් නුවර දී පැවැත්වීමට නියමිත යි.
රටවල් 70 ක් නියෝජනය කරමින් සම්මාන උළෙල පැවැත්වෙනු ලැබේ.
රෝහණ විජේවීර චරිතය ඇසුරින් නිර්මාණය කරන ලද “ගින්නෙන් උපන් සිතල” හි ප්‍රධාන භූමිකාව එනම් රෝහණ විජේවීර චරිතයට පණ පොවන්නේ කමල් අද්දරආරච්චි විසිනි.
සෙසු චරිත සඳහා සුලෝචනා වීරසිංහ, දිල්හානි අශෝකමාලා, ජගත් මනුවර්ණ, සුජීව ප්‍රියාල්, දීපානි සිල්වා, ප්‍රියන්ත සිරිකුමාර, විශ්වජිත් ගුණසේකර, සංජීව උපේන්ද්‍ර, අමල් රත්න ශාන්ත, සමීර හසුන්, චන්ද්‍රසෝම බිංදුහේවා, බුද්ධික ජයරත්න, ප්‍රසන්නජිත් අබේසූරිය, සුරාජ් මාපා, තුසිත් ලක්නාත්, හංසමාලා ජානකී, ජෙහාන් අප්පුහාමි, සුසාන් නිරෝෂන්, ජානක නිලංග, අංජන ප්‍රේමරත්න, මංජුල මොරගහ, චින්තක වාස්, ක්‍රිශාන්ත ජයබාහු, චින්තක කුලතුංග, ජීවනී කාරියවසම්, ලසන්ත ෆ්‍රැන්සිස්, පාලිත අබේරත්න හා බුද්ධික අබේරත්න දායක වී තිබේ.
මෙම සිනමාපටයේ ප්‍රථම ජාත්‍යන්තර ප්‍රදර්ශනය සැප්තැම්බර් 28 වැනිදා ඇමරිකා එක්සත් ජනපදයේ ලොස්ඇන්ජලීස් නුවර රිජන්සි සිනමා ශාලාවේ දී සිදු කිරීමට නියමිත ය.