බොලිවුඩ් සුපිරි නළු ශාරුක් ඛාන් ගේ 18 හැවිරිදි දියණියගේ රුව වෝග් ඉන්ඩියා සඟරාවේ මුල් කවරය සැරසීමට යොදා ගැනීම දැඩි විවේචනයට හේතු වී තිබේ.
සමාජ මාධ්‍ය ජාල ඔස්සේ අදහස් පළ කරන බහුතරයගේ මතය වී ඇත්තේ සුහානා ඛාන් එම ස්ථානය ලබා ගැනීමට තරම් සුදුසු තත්වයක නොසිටින බවයි.
ප්‍රකට වෝග් සඟරාව සාමන්‍යයෙන් සිය මුල් කවරය සඳහා යොදා ගන්නේ වෘත්තිය මට්ටමින් සාර්ථකත්වයක් ළඟා කරගත් නිරූපන ශිල්පිනියන්, රංගන ශිල්පිනියන් හෝ ගායිකාවන් ය.
සුහනා ඛාන් තමන් හඳුන්වා දී ඇත්තේ “ශිෂ්‍යාවක්, රංගනයට ආලය කරන තැනැත්තියක් සහ අනාගත තරුවක් ලෙසිනි.”
ඇය එතැන සිටීමට හේතුව ඇගේ පියා බවයි බොහෝ දෙනෙක් චෝදනා කර සිටින්නේ.
වෝග් සඟරාවේ විලාසිතා අධ්යක්ෂ අනයිටා ශේරෝෆ් මෙම විලාසිතා ඡායාරූප ගත කිරීම මෙහෙයවා ඇති අතර ඇය රංගන ශිල්පී ශාරුක් ඛාන් ගේ දිගු කාලින යෙහෙළියකි.
සුහානා ඛාන් සඟරාවක් වෙනුවෙන් පෙනී සිටි පළමු අවස්ථාව මෙය වේ.