සිග්නීස් සිනමා උත්තමාචාර උළෙලට සමගාමීව පවත්වන 'ඩිරෙක්ටර් ටුමාරෝ' (හෙට දවසේ අධ්යක්ෂවරයා) කෙටි චිත්‍රපට උළෙල අද (04) ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී සිනමාශාලාවේදී පැවැත්වේ.
සිග්නිස් සහ දිවයින, අයිලන්ඩ් සහ නවලිය එක්ව ඉදිරිපත් කරන මෙම සිනමා උළෙල සෙනසුරාදා පෙරවරු 8.30 සිට පස්වරු 3.00 දක්වා පැවැත්වේ.
දිවයින පුවත්පත සහ දිවයින වෙබ් පිටුව ඔස්සේ නිර්මාණශීලී තරුණ අධ්යක්ෂවරු මෙම උළෙල සඳහා කෙටි චිත්‍රපට ඉදිරිපත් කිරීම සඳහා අයෑදුම්පත් ඉදිරිපත් කළහ.
ඒ අනුව මේ වනවිට කෙටි චිත්‍රපට සියයකට ආසන්න සංඛ්‍යාවක් ලැබී ඇතැයි සිග්නිස් ශ්‍රී ලංකා පර්ෂදයේ සභාපති ලාල් පුෂ්පදේව පියතුමා ප්‍රකාශ කළේය.
විශේෂ ජූරි සභාවකින් සහ විශේෂ නිරීක්ෂකයකු විසින් මෙම චිත්‍රපට අතරින් චිත්‍රපට දහයක් තෝරා ගන්නා අතර තෝරා ගත් චිත්‍රපට සෙනසුරාදා සිනමා උළෙලේදී ප්‍රදර්ශනය කෙරේ.
සෑම චිත්‍රපටයක්ම ප්‍රදර්ශනය කළ පසු ඊට අදාළ අධ්යක්ෂවරයා වේදිකාවට කැඳවා චිත්‍රපටය පිළිබඳ ජූරියේ කියෑවීම ඉදිරිපත් කෙරෙන අතර සිග්නිස් සහ දිවයින එක්ව කුසලතා සහතිකයක් මෙම චිත්‍රපට දහය සඳහා පිරිනැමේ.
අනතුරුව මෙම උළෙලේදී තෝරා ගන්නා හොඳම කෙටි චිත්‍රපට තුන පිළිවෙළින් පළමු, දෙවන සහ තෙවන ස්ථානය ලෙසින් නම් කර මෙම 25 වැනිදා බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ පවත්වන සිග්නිස් උත්තමාචාර උළෙලේදී සම්මානයට බඳුන් කෙරේ.
සිග්නිස් උත්තමාචාර උළෙල 41 වැනි වරටත් 25 වැනිදා පස්වරු 6.30 ට බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් තුමාගේ සහ සිග්නිස් ජාත්‍යන්තරයේ සභාපතිනි හෙලන් ඔස්මන් මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.
එහිදී 2017 වසරේ තිරගත වූ චිත්‍රපට, එම වසරේ විකාශය කර අවසන් වූ ටෙලිනාට්‍ය සහ එම ශිල්පීහු සිග්නිස් උත්තමාචාරයට බඳුන් කෙරෙති.
(දිවයින)