සිනමා නිර්මාණයක හෝ ටෙලි නාට්‍ය නිර්මාණයක කැමරාවෙන් පිටුපස සිට විශාලම මෙහෙවර කරන්නන් වනුයේ සහාය අධ්යක්ෂවරයා සහ නිෂ්පාදන කළමනාකාරීත්ව දරන පුද්ගලයාය. නිර්මාණයක තිරපිටපත සම්පූර්ණවූ පසු අධ්යක්ෂවරයා සමග මූලික වශයෙන් ඔහුගේ නිර්මාණ කාර්යභාරය සැළසුම් සහගතව නළු නිළියන් සංවිධාන ගත කිරීම ඇතුළු සමස්ථ සැළසුම් කාර්යභාරය මෙන්ම රූගත කිරීම් වළදී සහාය අධක්ෂවරයාගේ කාර්ය භාරය සුවිශාල ය.
එමෙන්ම නිෂ්පාදන කළමනාකරුවාගේ කාර්යභාරයද සුවිශාලය. තිරපිටපත සම්පූර්ණ කිරීමෙන් අනතුරුව සමස්ථ නිර්මාණ ක්‍රියාවලියේ අවසන් කාර්යන් සඳහා වූ ඇස්තමේන්තු සෑදීමේ සිට නිර්මාණයේ සියලු කටයුතු පිළිබඳ කාල කළමණාකරණය මුදල් සහ සමස්ථ කෘතිය සාර්ථක කරගැනීමට කරනු ලබන මෙහෙය අති මහත්ය. මෙම කාර්්‍යන් දෙකෙහි නියුතු ඔවුන්ගේ සේවය ඇගයීමකට ලක් නොවේ.
දේශීය ටෙලි නාට්‍ය කර්මාන්තය තුළදී මෙන්ම සිනමා කර්මාන්තය තුළදී මේ දෙපිරිස ගේ සේවය සහ වෘත්තීය කාර්්‍යභාරය පිළිබඳව විධිමත් වැඩ පිළිවෙලක් සකස්කරගනීමට මෙම වෘත්තිකයන් මේ වනවිට තීරණය කොට ඇත
මෙරට ටෙලි නාට්‍ය කර්මාන්තයේ සහ සිනමා කර්මාන්තයේ නියුතු සහාය අධ්යක්ෂවරුන් සහ නිෂ්පාදන කළමණාකරුවන්ගේ එකමුතුවෙන් ගොඩ නගාගෙන ඇති සංවිධානයේ මහාසභා රැුස්වීම මෙම මස 29 දින උදෑසන 9.00ට කොළඹ 07 සිංහල සංස්කෘතික මධ්‍යස්ථානයේ නොහොත් සුදර්ශී ආයතනයේ ගාමිනී ෆොන්සේකා සමරු ශාලාවේදී පැවැත්වීමට නියමිතය.මේ සඳහා සිනමා හා ටෙලි නාට්‍ය ක්ෂෙත්රයේ සහාය අධ්යක්ෂවරුන් නිෂ්පාදන කළමණාකරුවන් බොහොමයක් මෙම හමුවට සහබාගි වීමට නියමිතය. මෙහිදී ඔවුන්ගේ සංවිධානය වෘත්තිකයන්ගේ සංවිධානයක් ලෙස ස්ථාපිත කිරීමේ මූලික පියවර ආරම්භ කිරීමට නියමිතය.