1970 ගණන්වල නිර්මාණය කරන ලද සුපර්මෑන් සිනමාපටය සඳහා ප්‍රධාන රංගන දායකත්වයක් සැපයු මාර්ගට් කිඩර්ගේ මරණය සියදිවි නසා ගැනීමක් නිසා සිදුව ඇතැයි මරණ පරීක්ෂකවරයා තීන්දු කර තිබේ.
ඇමරිකා එක්සත් ජනපදයේ මොන්ටානා හි පිහිටි නිවස තුළ මියගොස් සිටියදී 69 හැවිරිදි රංගන ශිල්පිනිය සොයා ගැනුනේ පසුගිය මැයි 13 වැනිදා ය.
සිතු මතයේ ඖෂධ භාවිත කිරීම සහ මත්ද්‍රව්‍ය අධික ලෙස ගැනීමේ ප්‍රතිපලයක් ලෙස ඇය ජිවිතක්ෂයට පත්ව ඇති බව පාක් ජනපද මරණ පරීක්ෂක කාර්යාලය ප්‍රකාශ කර ඇත.
“මානසික රෝගී තත්වයන්ගෙන්,ඇබ්බැහිවීම්වලින් සහ/හෝ සියදිවි හානි කරගැනීමේ අදහස්වලින් පිඩා විඳින පුද්ගලයන් නිසි ප්‍රතිකාර සහ උපදේශන ලබා ගන්නා ලෙස” ඉල්ලා සිටිමින් මරණ පරීක්ෂක කාර්යාලය සහ මාර්ගට් කිඩර්ගේ පවුලේ පිරිස විසින් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කර තිබේ.
1970 සිට 1980 දක්වා කාලය තුළ නිර්මාණය කරන ලද සුපර් මෑන් සිනමාපට හි ලුයිස් ලේන් ලෙස රංගන දායකත්වය සැපයු ඇය ඒ ඔස්සේ වඩාත් ජනප්‍රියත්වයක් අත් කරගත්තා ය.