ප්‍රසන්න විතානගේ, විමුක්ති ජයසුන්දර සමඟ අශෝක හඳගම අධ්‍යක්ෂණය කළ තුන් දෙනෙක් සිනමාපටයේ
යුරෝපීය මංගල දැක්ම මෙම මස පළමුවැනිදායින් ඇරැඹි ස්විස්ටර්ලන්තයේ ලොකර්නෝ චිත්‍රපට උලෙළේදී පැවැත්විණි.
මෙහි ඔස්ට්‍රේලියානු මංගල දැක්ම මෙම මස 11 වැනිදායින් ඇරැඹෙන මෙල්බර්න් ඉන්දියානු සිනමා උලෙළේදී පැවැත්වෙනු ඇත.
ඈ ඔහු සහ අනෙකා නමින් වූ කොටස් තුනකින් යුතු මෙම සිනමා නිර්මාණය මාලා සිනමා ආකෘතියෙන් නිම වූවකි. අපේ සිනමා වංශ කතාවේ අධ්යක්ෂවරුන් තිදෙනකු එකම සිනමාපටයක් වෙනුවෙන් එකතු වූ මුල් අවස්ථාව වන්නේ මෙයයි. පශ්චාත් යුද සමයේ අත්දැකීම් ත්‍රිත්වයක් මෙම චිත්‍රපටය සඳහා කේන්ද්‍ර වී තිබේ.
ප්‍රසන්න, විමුක්ති සහ හඳගම තිර රචනා කළ මෙම චිත්‍රපටයේ කැමරාකරණය එම්. ඩී. මහින්දපාල, ඊශිට් නරේන් සහ චන්න දේශප්‍රියගෙනි. සංස්කරණය ශීකර් ප්‍රසාද්, සමන් ඇල්විටිගල සහ රවීන්ද්‍ර ගුරුගේ විසිනි. කේශවරාජන්, නිපුනි ශාරදා, ප්‍රදීප් රාමවික්‍රම, දර්ශන විද්‍යා අරවින්ද, ජුලියන් කෞශල්‍යා මෙන්ඩිස්, ෂර්ලි යස්වින් රවිශකර්, එම්. සෆීර්, එම්. රජේශ්වරී, ෂර්ලිජා ජෙයරාජ්, රොෂාන් පොල්වත්තගේ රංගන දායකත්වය ලබාදෙන තුන් දෙනෙක් ඕනර් ආයතනයේ නිෂ්පාදනයකි.
සරසවිය