ITN වෙතින් ටෙලිනාට්‍ය ශිල්පීන්ට ලක්ෂ 340 ක් !!
කලාකරුවන් වෙනුවෙන් මනෝ තුති පුදයි !!!
ITN තුළින් විකාශය කෙරුණු ටෙලි නාට්‍ය වෙනුවෙන් වූ කඩිනම් ගෙවීම් වැඩපිළිවෙලෙහි පළමු අදියර, ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා ක්‍රියාත්මක වුණා. රුපියල් ලක්ෂ තුන්සිය හතලිහක් පළමු පියවර යටතේ ලබාදෙන්නට ITN පියවර ගත්තා. මේ වැඩපිළිවෙළ ආරම්භ කෙරුණේ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතාගේ උපදෙස් අනුවයි. දේශීය කලා ශිල්පීන් රැසක්ම ඔවුන්ට හිමි ගෙවීම් ලබා ගත්තා.
ටෙලි නාට්‍ය නියාමනය සදහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව ද මුදල් හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා එම උත්සවයේදී කියා සිටියා. ඒ සදහා විශේෂ ආයතනයක් පිහිටුවා මෙම වසර තුළදීම අදාළ කාර්ය ආරම්භ කරන බව ITN මාධ්‍ය ජාලයේ පැවති උත්සව සභාව අමතමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
වික්‍රමසිංහපුර ITN පරිශ්‍රය වෙත පැමිණි නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ITN සිහිවටන මැදුර සහ අමුත්තන්ගේ පියස ඉදිකිරිමේ ආරම්භය සනිටුහන් කිරීම සිදුකළා. මෙරට රූපවාහිනී ඉතිහාසයේ පළමු නාලිකාව වන ITN හි සිහිවටන පිළිබඳ සියලු තොරතුරු මෙම පියස හරහා ලබා ගැනීමේ අවස්ථාව ඉදිරියේදී උදාවනවා.
ITN සභාපතිනි තිලකා ජයසුන්දර මහත්මිය, ප්‍රධාන විධායක නිලධාරී චන්දන තිලකරත්න මහතා මෙන්ම ප්‍රවීණ රංගන ශිල්පී ආචාර්ය ජයලත් මනෝරත්න මහතා ඇතුළු විශාල පිරිසක් එම උත්සව අවස්ථාවට සහභාගී වුනා.