ප්‍රකට ඉන්දීය නළු කමල් හසන්ගේ වඩාත් බලාපොරොත්තු තැබූ ත්‍රාසජනක සිනමාපටයක් වන විශ්වරූපම් 2 පසුගිය 10 වැනිදා සිට ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රදර්ශනය ආරම්භ කළා.
පළමු දිනයේදීම ඩොලර් එක් ලක්ෂ තුන් දහසක ආදායම් වාර්තාවක් ලබා ගනිමින් චිත්‍රපටය සාර්ථක ආරම්භයක් ලබා ගෙන ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටිනවා.
සිය රසික රසිකාවියන්ගේ යහපත් ප්‍රතිචාර අනුව විශ්වරූපම් 2 ඉදිරි දිනවලදී ආදායම් වාර්තා තැබීමට සමත් වනු ඇති බවට විශ්වාස කෙරේ.
කමල් හසන් විසින් තිර රචනා කොට අධ්‍යක්ෂණය කළ මෙම සිනමාපටයට ශේකර් කපුර්, වහිඩා රෙහෙමාන්, රාහුල් බෝස්, පූජා කුමාර් ඇතුළු පිරිසක් රංගන දායකත්වය සපයති.