“ඊව්” සිනමාපටයේ අධ්‍යක්ෂක ලෙස පත්කළ මැතිව් නිව්ටන් ගේ ගෘහස්ත හිංසන චෝදනා ඉතිහාසය සම්බන්ධයෙන් දැඩි විවේචන එල්ල වීම නිසා ඔහු එම සිනමපටයෙන් ඉවත්වී තිබේ.
රංගන ශිල්පිනි ජෙසිකා චැස්ටන් රංගන දායකත්වය ලබාදෙන මෙම චිත්‍රපටයේ අධ්යක්ෂවරයා ලෙස ඔහු තෝරා ගෙන තිබුනේ පසුගිය සතියේ දී ය.
ඕස්ට්‍රේලියානු ජාතික මැතිව්, 2007 සහ 2012 අතර කාලය තුළ දී හිංසන චෝදනා දාමයකට මුහුණ දී තිබුණි.
“අතීතයේදී අසමත් වූ තැන පටන් ඉදිරියට ගමන් කිරීමේ වගකීමක් ඇති බවට මම හොඳාකාරවම දන්නවා,” යනුවෙන් ඔහු පවසා ඇත.
ලිංගික හිංසනවලට එරෙහිව හොලිවුඩ් සිනමා කර්මාන්තය තුළ පිහිටුවාගත් #TimesUp ව්‍යාපෘතියේ ප්‍රධාන භූමිකාවක් හොබවන ජෙසිකා චැස්ටන්, “ඊව්” සිනමාපටය සඳහා ප්‍රධාන රංගන දායකත්වය සැපයීමට නියමිත ය.
ඔස්කාර් සම්මාන සඳහා නිර්දේශිත චැස්ටන්, මැතිව් නිව්ටන්ගේ ප්‍රකාශය සම්බන්ධයෙන් කිසිදු අදහසක් මෙතෙක් පළ කර නැත.