පවුම් එක් ලක්ෂ හැට පන්දහසකට මිලදී ගෙන ඇති “ද ස්ටිල් ලයිෆ් ඔෆ් අ ග්ලාස් ඇන්ඩ් පෙයාස්” සිතුවම
සම්පුර්ණයෙන්ම පාහේ වටිනාකමකින් තොර ව්‍යාජ එකක් විය හැකි බව එහි සිතුවම් ශිල්පියාගේ කලා නිර්මාණ බාර බලධාරීන් පවසා තිබේ.
මෙම චිත්‍රය බ්‍රිතාන්‍ය කලාකරු සර් විලියම් නිකල්සන්ගේ නිර්මාණයක් බවට සැලකේ.
BBC වැඩසටහනක් වන ෆේක් ඕ ෆෝචුන් හිදී “ද ස්ටිල් ලයිෆ් ඔෆ් අ ග්ලාස් ඇන්ඩ් පෙයාස්” පරික්ෂාවට ලක්කර ඇති නමුත් විශේෂඥ පැට්‍රිෂියා රීඩ් පවසන්නේ එවැනි නිගමන සඳහා ප්‍රමාණවත් සාක්ෂි නොමැති බවයි.
“පළමු දැක්මෙන්ම මම ඊට කැමති වුණා. 2006 දී සිතුවම මිලදී ගන්න විට මට කිසි සැකයක් තිබුනේ නැහැ,” යනුවෙන් සිතුවමේ හිමිකරු ලින් පවසන්නීය.
1872 දී උපත ලැබූ නිකල්සන් දශක පහක් පමණ වූ සිය ජිවිත කාලය තුළ අලේඛ්‍ය, භුමි දර්ශන ආදී සිතුවම් රැසක් නිර්මාණය කර තිබේ.