වසර 200ක ශ්‍රී ලංකා බන්ධනාගාර ඉතිහාසයේ ප්‍රථම වරට රැඳවියන් විසින් පිහිටුවා ගන්නා ලද සිර සාහිත්‍ය සංසදයේ රැඳවියන් සියදෙනකුගේ නිර්මාණ ඇතුලත් “සිපිරිගේ පාමුල” කාව්‍ය සංග්‍රහය
පිළිබඳ විචාරශීලි සංවාදයක් පැවැත්වීමට නියමිත ය.
ඒ අගෝස්තු 20 වැනිදා පස්වරු 3 ට කොළඹ ජාතික පුස්තකාල හා ප්‍රලේඛන මණ්ඩල ශ්‍රවනාගාරයේ දී ය.
ආචාර්ය ප්‍රනීත් අබේසුන්දර, ආචාර්ය චුලානන්ද සමරනායක, කුමාරි කුමරිගමගේ, බන්ධනාගාර කොමසාරිස්(පුනරුත්තාපන) චන්දන ඒකනායක එදින සංවාදය සඳහා සහභාගී වනු ඇත.
සංවිධානය ජාතික පුස්තකාල මිතුරෝ සමඟ ජාතික පුස්තකාල සේවා හා ප්‍රලේඛන මණ්ඩලය විසිනි.