සංගීත සංදර්ශනයක වේදිකාවක් කඩා වැටීමෙන් සිය ගණනකට තුවාලයි 5 කට බරපතලයි
ස්පාඥයේ පැවති නාගරික සංගීත සහ ක්‍රීඩා උළෙලක් අතරතුරදී දැව වේදිකාවක කොටසක් කඩා වැටීම නිසා 300 කට අධික පිරිසක් තුවාල ලබා තිබේ.
ඉන් 5 දෙනකුගේ තත්වය බරපතල බව එරට මාධ්‍ය වාර්තා කරයි.
විගෝ නුවර දින දෙකක් පුරා පැවැත්වුණු ඕ මරිස්කිනෝ නම් උත්සවයට පැමිණි රැප් ගායකයෙක්ගේ ඉදිරිපත් කිරීමක් නැරඹීම සඳහා එක්රැස් වූ ජනතාව 12 ඉරිදා මධ්‍යම රාත්‍රියේ දී මෙම අනතුරට මුහුණ දී ඇත.
මරණ කිසිවක් වාර්තා නොවන බවට පොලිසිය තහවුරු කර තිබේ.
වෙරළාසන්නයේ පැවැත්වුණු ප්‍රසංගය නැරඹීම සඳහා සහභාගී වී සිටි බොහොමයක් දෙනා නව යොවුන්වියේ පසුවන අතර අනතුර සිදුවන අවස්ථාවේදී කිහිපදෙනෙක් මුහුදට ද ඇද වැටි ඇත.
මුදවා ගැනීමේ කණ්ඩායම් එම ස්ථානයට වාර්තා කර ඇති බවත් තුවාල ලද පිරිස ප්‍රතිකාර සඳහා යොමු කර ඇති බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.