කොමික් පොත් වල සිතුවම් කර ඇති සරාගී කාන්තා චරිතවලට සුපිරි වීරයන් ආදේශ කරමින් එම සිතුවම් ප්‍රතිනිර්මාණය කිරීමට ඉන්දීය කලාශිල්පිනියක් කටයුතු කර ඇති බව BBC පුවත් සේවය වාර්තා කරනවා.
මේවා නිර්මාණය කර ඇත්තේ ශ්‍රේයා අරෝරා විසින්.
ඕනෑම අයකු සමඟ කරට කර සටන් වැදිය හැකි බලයකින් යුත් මාවල් සටන්කාමීන් අතරින් එක් අයකු ලෙස සලකන ෂී-හල්ක්ට සුපිරි ශක්තියක් සහ වේගයක් පිහිටා තිබෙනවා.
හල්ක්ට සමානව ඇයට කායික ශක්තිය තිබෙන අතර ඔහු මෙන්ම ඇය ද සම්පුර්ණයෙන්ම කොළ පැහැති වනවා.
සිරුරේ අඟ පසඟ වඩාත් කැපී පෙනෙන ලෙස බිකිනියක් ඇඳ සරාගී ඉරියව්වකින් සිටින ෂී-හල්ක්ගේ රූපයක් 1991 දී පිටවුණු එක කොමික් පොතක පිට කවරයේ සිතුවම් කර ඇති අයුරු අපේ කතා නායිකාව ශ්‍රේයා අරෝරාට දක්නට ලැබෙන්නේ ඇය කුඩා අවදියේදියි.
එය දකින ඇය පුදුමයට පත් වනවා.
“හල්ක්ගේ බාහිර ස්වරුපයෙන් ඉස්මතු වී පෙනෙන්නේ ශක්තිය. ඒත් ෂී-හල්ක්ගේ බාහිර ස්වරුපයෙන් ලිංගිකත්වය ඉස්මතු කර පෙන්වන්නයි උත්සහ කර තිබුණේ,” අරෝරා පවසන්නී ය.
කුඩා කළ සිටම කොමික් පොත් වලට රුචි කළ 21 හැවිරිදි ග්‍රැෆික් නිර්මාණකාරිනියට මේ තත්වයේ වෙනසක් ඇති කිරීමට අවශ්‍ය වුණා.
ඒ අනුවයි ඇය මෙම සිතුවම් නිර්මාණ කර ඇත්තේ.
එහි ප්‍රතිපලයක් ලෙස අරෝරා නිර්මාණය කරන ලද මෙම සිතුවම්වල ස්පයිඩර් මෑන්, හල්ක්, සුපර්මෑන්, බැට් මෑන්, අයන් මෑන් ආදී සුපිරි චරිත දක්නට ලැබෙනවා.
ඔවුන් සියල්ලන්ම කාන්තා චරිත සිතුවම් කර තිබුණු සරාගී ඉරියව්වලට ආදේශ කර ඇඳ තිබෙන අයුරු ඔබට දකින්න පුළුවන්.
https://mirrorarts.lk/news/3798-the-artist-redrawing-sexist-comic-book-covers#sigProIdb38e4f6d47