රවිබන්දු විද්‍යාපති මහතා ඇතුළු කණ්ඩායම විසින් සංවිධානය කළ‘නර්තන, මුද්‍රා නාට්‍ය හා බෙර වාදන උලෙළක් මේ මස 20 වැනිදා සිට 24 වැනිදා දක්වා පස්වරු 7. 00 ට ලයනල් වෙන්ඩ්ට් රඟහලේදී පැවැත්වේ.
වර්තමානයේ ලාංකේය සමාජයේ මුද්‍රා නාට්‍ය කලාවේ දක්නට ඇති හිඩැසක් පිරවීම මෙම අභ්‍යාසයේ පරමාර්ථය වී ඇත. ඉතා විනාශකාරී වානිජ රැල්ලක් හමුවේ වියැකී ගෙන යන සුභාවිත නර්තන හා මුද්‍රා නාට්‍ය කලාවක බුද්ධිමය හා රසපූර්ණ බව පිළිබඳව වත්මන් රසික ප්‍රජාව දැනුවත් කිරීම මේ මඟින් සිදුකෙරේ.
ඒ අනුව අගෝස්තු 20 වැනිදා ‘වසන්තය බිලි පූජාව‘- මුද්‍රා නාට්‍ය රඟදක්වනු ඇත. මෙය Rite of Spring රුසියානු සංගීතඥ ඉගෝර් ස්ට්රැවින්ස්කිගේ මුල් සංගීත කෘතියට අනුව රංග වින්‍යාසය කළ මුද්‍රා නාට්‍යයකි. ඉපැරැණි රුසියානු ගෝත්‍රික සමාජයක සශ්‍රීකත්වය උදෙසා කන්‍යාවක් බිලිදීමේ චාරිත්‍රය සමකාලීන දේශීය තත්ත්වයකට ආදේශ කරමින් නව අර්ථකථනය කර ඇත.
21 වැනි දින -‘මැක්බන්‘ මුද්‍රා නාට්‍යය ප්‍රදර්ශනය කරන අතර එය ශේක්ස්පියර්ගේ එනම් නාට්‍යය ඇසුරෙන් එහි තේමාව දේශීය පසුබිමකට ආදේශ කරමින් කළ නිර්මාණයකි. මෙහි සංගීත නිර්මාණය මහාචාර්ය ප්‍රදීප් රත්නායකගෙනි.
දේශීය හා විදේශීය බෙර හා සංගීත සම්ප්‍රදායන් හී සංධ්වනිමය ප්රකාශනය මඟින් රසික ජනයා හට රිද්ම උත්තේජනය ලබාදීමේ අරමුණින් 22 වැනි දින - ‘බහු රංග‘ භේරී සංගීතය සංදර්ශනය පැවැත්වේ. උඩරට හා පහත රට හා සබරගමු නර්තන සම්ප්රදායයන් හා ඒවායේ නූතන විකාශයන් නිරූපණය කරන ‘චරන‘ සාම්ප්‍රදායික හා නව නර්තන ප්‍රසංගය 23 වැනි දින වේදිකා ගත වේ. ශේක්ස්පියර්ගේ ‘එනම්‘ නාට්‍ය ඇසුරෙන් නිර්මාණය කළ නූතන ‘ඔතෙලෝ‘ මුද්‍රා නාට්‍යය 24 වැනි දින වේදිකා ගත වන අතර එහි සංගීත නිර්මාණය ජිතේන්ද්‍ර විද්‍යාපතිගෙනි.
නුවන් කොඩිකාර