ශ්‍රී ලංකාවේ උපත ලබා වයස අවුරුදු 14 දී ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වූ මිෂෙල් ද ක්රෙස්තර් නම් ලේඛිකාව එරට තුළ වඩාත් පිළිගැනීමට ලක් වූ මිල්ස් ෆ්රැන්ක්ලින් සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලබා තිබේ.
මෙවසරේදී ඇය මෙම සම්මානය දිනාගන්නේ “ද ලයිෆ් ටු කම්” නවකතාව වෙනුවෙනි.
එසේම ඇය මිල්ස් ෆ්රැන්ක්ලින් සම්මානය දිනාගන්නේ දෙවැනි වරට ය.
“මම දෙවරක්ම වාසනාවන්තයි, සතුටුයි වගේම ගෞරවනීය බවක් හැඟෙනවා,” යනුවෙන් පසුගියදා මෙල්බෝන් හි පැවති උළලේදී මිෂෙල් පවසා තිබේ.
ඇය මින් පෙර මිල්ස් ෆ්රැන්ක්ලින් සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලබන්නේ 2013 දී ය.
Questions of travel, The lost dog, The Hamilton case මිෂෙල් ද ක්රෙස්තර් රචනා කළ අනෙකුත් කෘති වේ.