සම්මානනීය ශ්‍රී ලාංකේය සිනමා අධ්යක්ෂවරයකු වන ප්‍රසන්න විතානගේ විසින් අධ්‍යක්ෂණය කරන ලද ‘උසාවිය නිහඩයි’ වාර්තා සිනමාපටය සඳහා අතුරු වාරණ නියෝගයක් පැනවීමෙන් අනතුරුව ඒ ඔස්සේ ඇති වූ සමාජීය කතිකාවෙහි ස්වරූපය සහ එමගින් සිනමා පටයට පාදක වූ මූලික සිදුවීමට සිදුකරන ලද බලපෑමෙහි ස්වභාවය මෙම කෘතිය තුළින් විමර්ශනය වේ.
මහව දිසා විනිසුරුවරයකු ලෙස සේවය කළ ලෙනින් රත්නායක විසින් සිදු කරන ලද ස්ත්‍රී දූෂණ සිදුවීම් ද්විත්වයක් අරභයා ‘රාවය’ පුවත් පතේ කතුවර වික්ටර් අයිවන් විසින් ‘නොනිමි අරගලය’ කෘතිය ඔස්සේ හෙළිදරව් කරනු ලබන සත්‍ය කරුණු මත පදනම්ව නිර්මාණය කරන ලද මෙම වාර්තා චිත්‍රපටය සඳහා චූදිතයා විසින් සිදු කරන ලද ඉල්ලීමකට අනුව කොළඹ දිස්ත්‍රික් මහාධිකරණය මගින් අතුරු තහනම් නියෝගයක් පනවන ලදී. ඉන්පසු වාර්තා සිනමාව, නිර්මාණ නිදහස , අධිකරණයේ ස්වාධීනත්වය පුරවැසියාගේ අයිතිවාසිකම් කෙරේ බලපානු ලබන ආකාරය, අධිකරණයේ පැවති විෂමතා සහ දේශපාලන බලපෑම් අතර අන්තර් සම්බන්ධතාවය වැනි අතුරු තේමාවන් ද ආවරණය වන පරිදි පුළුල් කතිකාවක් සමාජය තුළ නිර්මාණය විය.
නමුත් මෙම ස්ත්‍රී දූෂණ සිදුවීම සිදු වී දශක දෙකක් ඉක්මවා ගියද ‘රාවය’ කතුවරයා විසින් එළැඹි නෛතික අරගලය තුළින් හෝ සිනමාවේදියා විසින් ඇති කළ සමාජමය අවදිකිරීම තුළින් හෝ අගතියට පත් වූ කාන්තාවන් දෙදෙනාට මෙතෙක් කිසිදු සාධාරණත්වයක් ඉටු වී නොමැත. මෙම කෘතියෙහි මූලික අරමුණ වන්නේ ‘උසාවිය නිහ`ඩයි’ සිනමා වාරණයත් සමග නිර්මාණය වූ සමාජීය කතිකාව චූදිතයාට නිසි ද`ඩුමක් හිමි වී, අගතියට පත් වූ කාන්තාවන් දෙදෙනාට යුක්තිය ඉටුවීම සහ යළිත් මෙවන් සිදුවීම් සමාජය තුළ සිදු නොවීම ස`දහා අවශ්‍ය සමාජීය සහ සංස්කෘතික ප්‍රතිසංස්කරණ සිදුවිය යුතුය යන කාරණා ද ඇතුළත්ව නැවත ඇති වී විකාශනය විය යුතු බව සමාජගත කිරීමයි.
සරසවි ප්රකාශනයකි. කවර නිර්මාණය - සුසන්ත මූණමල්පෙ