ධනංජය සිරිවර්ධන ලේසියෙන් කෙනෙක්ව අගය කරන කෙනෙක් නෙවෙයි කියලා නොදන්න කෙනෙක් නැති තරම්. ඒක ධනංජයගෙ කුහක කම නෙවෙයි. බොරුවට කෙනෙක්ව මුරුංගා අත්තේ තියන මවා පෑම ධනංජය ළඟ නැති නිසා.
එහෙම තැනක ඉන්න ධනංජය අද එයාගේ ෆේස් බුක් පිටුවේ සටහනක් දාල තිබුණා, ඒ නව පරපුරේ රංගන ශිල්පියෙක් වන සංගීත් ප්රභූගේ උපන් දිනයට සුබ පතලා.
"මං මේ කොල්ලගෙ වැඩවලට කැමතියි.
නම සංගීත් ප්රභූ වුණාට ගායකයෙක්වත් පැලැන්තිය ප්රභූවත් නෙවෙයි. මේ කොල්ලා ගමේ කොල්ලෙක්. කොළඹ එන්නේ නළුවෙක් වෙන්න. හැබැයි ඉගෙනගෙන රඟපාන්න ඕනේ කියලා ඌට ඒ කාලෙම හිතෙන්න ඇති. ඒ නිසා ඌ කට්ට කාගෙන එක එක තැන්වල නිදි මර මර යාළුවෝ සෙට් කරගෙන වැඩේ ඉගෙන ගත්තා.
අද උඹ දිනුම් මල්ලි...
දැන් පට්ට Relax නළුවෙක් උඹ...
ආදරෙයි මල්ලි...
සුබ උපන්දිනයක් bro !
ධනංජය එහෙමයි ලියලා තිබුනේ. ධනංජය කියන්නේ රංගන හැකියාව උපරිමයෙන් තියෙන කෙනෙක් බව අමුතුවෙන් කියන්න ඕනේ නැහැ.
ඉතින් දක්ෂ වගේම බොරුවට කාගෙවත් හොඳ නොකියන රංගන ශිල්පියෙක්ගෙන් මෙහෙම සුබ පැතුමක් ලැබීමත් නවක නළුවෙක් වන සංගීත්ට හොඳ අත්දැකීමක් කියලයි අපිට හිතෙන්නේ.