Stop Child Cruelty වැඩසටහන '2020 වන විට ශාරීරික දඬුවමින් තොර ශ්‍රී ලංකාවක්' යන තේමාව යටතේ සංවිධානය කරන දීපව්‍යාප්ත ළමා චිත්‍ර, පෝස්ටර් සහ පද්‍ය රචනා තරගය සඳහා නිර්මාණ බාර ගැනීම මේ මස 12වනදා දක්වා සිදු කෙරේ.
වයස අවුරුදු 7-11 සහ 12-18 ලෙස වයස් කාණ්ඩ දෙකක් යටතේ මෙම තරගාවලිය පැවැත්වෙන අතර සිංහල, ද්‍රවිඩ සහ ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වය ම සඳහා මෙය විවෘත වේ. තරග තුනෙන් ජය ගන්නා සිසුන් හට රු. 10,000ක ප්‍රදානයක් ඇතුළුව තවත් වටිනා ත්‍යාග පිරිනැමේ.
එක් සිසුවෙකුට එක් කාණ්ඩයකට එක බැගින් නිර්මාණ තුනක් දක්වා යොමුකළ හැකි අතර සෑම නිර්මාණයක් ම A4 ප්‍රමාණයෙන් යොමු කළ යුතුය. සෑම නිර්මාණයක් ම නම, ලිපිනය, උපන් දිනය, ශ්‍රේණිය සටහන් කර දෙමාපියෙකු හෝ ගුරුවරයෙකු සහතික කර යොමු කළ යුතුය.
නිර්මාණ එවිය යුතු ලිපිනය Stop Child Cruelty, 115, කින්සි පාර, කොළඹ 08 වන අතර නොවැම්බර් 12 වනදාට පෙර නිර්මාණ එවිය යුතුය.
"ශාරීරික දඬුවම් මගේ ජීවිතයට බලපාන්නේ කෙසේද?", "2020 වසරවන විට ශාරීරික දඬුවම් නතරවනු දැකීමට මට අවශ්‍ය ඇයි?" , "ශාරීරික දඬුවම් හැර වෙනත් විකල්ප මොනවාද?" ආදී මාතෘකා යටතේ නිර්මාණ සිදු කළ හැකිය.
ත්‍යාග ප්රදානෝත්සවය නොවැම්බර් මස 18වනදා පෙ.ව. 10 සිට මධ්‍යහ්න 12 දක්වා කොළඹ පදනම් ආයතනයේදී පැවැත්වේ.
වැඩිදුර විස්තර සඳහා www.stopchildcruelty.com වෙබ්අඩවියට පිවිසෙන්න. නැතිනම් https://www.facebook.com/stopchildcruelty/ Stop Child Cruelty ෆේස්බුක් පිටුවට පිවිසෙන්න.