කැලුම් බණ්ඩාර විජේවර්ධන ෆේස්බුක් හි ඉතාමත් ජනප්රිය ලේඛකයෙක්. ඔහුගෙ අදහස් විවෘතයි. කතාබහ විවෘතයි.
මේ තරුණ ලේඛකයා පොතක් ලියලා.ඒ පොතේ නම නමක් ඔිනෙමද. ඒක ජනගත කරන්න සූදානම් වෙනවා. සම්ප්රදායික පොත් ජනගත කිරීමකට වඩා මෙය වෙනස්. ඔහු ගේ නිවසෙ තමයි මේ පොත එළි දැක්වෙන්නෙ. ඔහු තම හිතවතුන්ට ආරාධනා කරලා තියෙන විදිහත් හරි අපූරුයි.
මේ තව නව ප්රවනතාවක්. සල්ලි වියදම් කරලා පොතක් ප්රින්ට් කරාට පස්සෙ මේ විදිහට ජනගත කිරීමත් කලාවක් .
පොත ගන්න ඈයෝ 17 උදේ එන්න රොටියක් කාලා පොත අරං යන්න.
පොත ගන්න ඈයෝ 17 හවස එන්න ඉතුරු රොටියක් බයිටට අරං අඩියක් ගාලා යන්න.
තැන -අංගොඩ රෝහල ආසන්නයේ ඉදගන්න පුටු 4-5 තියෙන
මගේ චූටි ගෙදර චූටි ඉඩ කඩේ.හෝල් බුක් කරලා බුක් ලොන්ච් ගන්න මට සල්ලි නෑ.සල්ලි තිබුනත් ලැබුනත් මට උවමනාවක් ආසාවකුත් නෑ .ආසාවට කලත් පුටු පුරවන්න සෙනග ගේන්න මහා ලොකු පිරිසක් වත් ඉවෙන්ට් කරන්න ප්රචාරය කරන්න මට සෙට් එකක් ගැන් එකක් වත් නෑ.
හැබැයි මනුස්සත්වය කියන දේ තියෙන 10 -20 එකතු උනත් ඒ සතුට මුදලට ගන්නත් බෑ.ඉඩ කඩක් නෑ .....සැප පහසුකම් නෑ
එදාට පොතට නියමිත ගානකුත් නෑ.කැමති ගානක් දීලා පොත අරං යන්න.
මිරර් ආර්ට්ස් කැලුම් ට සුබ පතනවා.