රාවණ මේ රටේ බොහෝ දෙනෙකුගේ විශ්වාසයත් ඇදහිල්ලක් බවට පත්ව සිටින රජ කෙනෙකි. රාවණ යුගයේ ලංකාද්වීපය ලෝකයේ දියුණුම තාක්ෂණය තිබූ රට බවට පොත්පත්වල සඳහන්ය.
ඉන්දියාව අදද රාම රාවණ යුද්ධය සමරමින් රාවණා දසිස් පිළිරූ තනා ගිනි තබමින් රාමාගේ ජයග්‍රහණය සමරති. රාවණා ලොව ප්‍රභල රාජ්‍ය නායකයෙක් බව ඉතිහාසයේ සඳහන් වෙයි. එහෙත් රාවණා පුරාවෘත්තයක් පමණි යන්න තවත් අයගේ විශ්වාසයයි. ඔහු විසින් ගොඩ නගන ලද කිසිවක සාක්ෂි හෝ ශේෂයන් මේ වනවිට හෝ පුරාවිද්‍යාඥයින් විසින් සොයාගෙන නැත. බොහෝ රාවාණා අදහන්නන් විශ්වාස කරන්නන් පවසනුයේ රාවණා මිත්‍යාවක් නොව සැබෑවක් බව මෙන්ම පුරාවිද්‍යාඥයින් රාවණාගේ යුගය ගවේෂණය කිරීමට මැලිකමක් දක්වන බවයි.
කෙසේවුවද රාවණා සිනමාවට නැගීමට ටෙලිනාට්‍යට නැගීමට බොහෝ අය අවස්ථා ගණනාවක උත්සාහ කරන ලදී.
දෙරණ රූපවාහිනී නාලිකාව මගින් නිෂ්පාදනය කරනු ලබන රාවණා ටෙලි නාට්‍ය මෙම මස 25දින සිට සෙනසුරාදා සහ ඉරිදා රාත්‍රී 8.30 ට දෙරණ නාලිකාවෙන් විකාශය කිරීමට සැළසුම් කර ඇත. වසර ගණනාවක සිට කරන ලද ගවේෂනයක ප්‍රතිපලයක් ලෙස තුෂාර තෙන්නකෝන් ගේ කතාවට අනුව මෙහි තිර රචනය කොට ඇත්තේ මධුරංග වීරසිංහයි.
තුෂාර තෙන්නකෝන් අධ්‍යක්ෂණය කරනු ලබන මෙම දැවැන්ත ටෙලි නාට්‍ය චරිත් කොතලාවලගේ විධායක නිෂ්පාදනකි.
මෙහි විශේෂත්වය වන්නේ නවීන පරිගනක සජීවී කරණ සහ දෘෂ්‍ය ප්‍රයෝග බාවිතා කරන ප්‍රථම අවස්ථාව මෙය වීමයි. මෙම සියළු පරිගනක දෘෂ්‍ය ප්‍රයෝග සම්මාන ලාභී කසුන් මාලින්ද ප්රමුඛ කණ්ඩායම විසින් වසරකට ආසන්න කාලයක් තිස්සේ සැළසුම් කරමින් නිර්මාණය කිරීමයි.
රාවනා මෙරට ටෙලිවිෂන් ඉතිහාසයේ වැඩිම පිරිවැයක් දරා නිෂ්පාදනය කරන ටෙලි නාට්‍ය මාලාවකි. මෙහි කොටස් 100ක් නිර්මාණය කිරීමට අපේක්ෂිතය.
ෂාම් ප්‍රනාන්දු, අනුරාධ මල්ලවආරච්චි, ඉසුරු ලොකුහෙට්ටිආරච්චි ,අමිත්ත වීරසිංහ ,චතුර රාජපක්ෂ ,කසුනි කාවින්දි, අජිත් වීරසිංහ, නුවන්ගී ලියනගේ ඇතළු නිළු නිළියන් රැසක් මෙහි රංගනයෙන් දායක වෙති.
මෙහි කැමරාකරණය සහ ආලෝකකරණය සම්මානලාභී කුලරුවන් ගමගේ විසිනි.සංස්කරණයය කවී විජේගුණසිංහ විසිනි කලා අධ්‍යක්ෂණය සරත්චන්ද්‍ර ජයවීර, සංගීත අධ්‍යක්ෂණය නිමේෂ් කුලතුංග,වේශ නිරූපණය බුවනෙක රණවක, සහාය අධ්‍යක්ෂණය උදය ප්‍රසන්න ගෙනි. විශේෂ ශබ්ද ප්‍රයෝග කාලිංග ගිහාන් පෙරේරා, දෙවැනි කැමරා චානක සංජීව. වස්ත්රාභරණ සැකසුම ලක්ෂමන් විජේරත්න ගෙන් සහ නිෂ්පාදන කළමනාකරණය චන්දන ශ්‍රී සුදාරකගෙනි.
මෙය ටෙලිවිෂන් රසිකයින්ට නවමු අත්දැකීමක් වනු ඇත