සුනිල් සාන්තයන්ගේ 103වන ජන්ම සංවත්සරය නිමිත්තෙන් පවත්වනු ලබන සමරු වැඩ සටහන් දෙකක් පේරාදෙනියේදී සහ කොළඹ දී පවත්වන්නට ලංකා සාන්ත ප්රමුඛ සුනිල් සාන්ත පදනම විසින් සැළසුම් කර තිබේ.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය විද්‍යාර්ථීන්ගේ සංගමය විසින් සංවිධානය කරණු ලබන My Dreams සුනිල් සාන්ත ගී මිහිර සංගීත ප්‍රසංගය මෙම මස 27 වනදා සවස 6.00ට පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය ඉන්ජිනේරු පීඨයේ ඊ.ඔි.ඊ. පෙරයිරා රගහලේදී පැවැත්වීමට නියමිතය.මෙහිදී ටීඑම් ජයරත්න නාලිනී රණසිංහ කීර්ති පැස්කුවල්,නදීක ගුරුගේ,නෙලූ අධිකාරී,ඉන්දිකා උපමාලි,රොඩ්නි වර්ණකුල යන ගායක ගායිකාවන් විසින් ගීත ගායනා කරනු ලැබීමට නියමිතය.
විශ්වවිද්‍යාලයීය ශීෂ්‍ය ශිෂ්‍යාවන් විසින් අත්වැල් ගායනා කරන අතර මෙහි සංගීත අධ්‍යක්ෂණය සුරේෂ් මාලියද්ද ගෙනි. පිටපත වසන්ත කුතුංග විසින් රචනා කර ඇති අතර ප්‍රසංග කළමනාකරණය පුෂ්කර වන්නිආරච්චි ගෙනි.
සුනිල් සාන්ත සමාජය විසින් වාර්ෂිකව පවත්වනු ලබන ගුරුදෙවි සුනිල් සාන්ත සමරු දෙසුම සිංහල සංගීතයක් පිළිබඳ සංකල්ප රාමු සහ සුනිල් සාන්ත යන මැයෙන් දෙසැම්බර් 04 දින පව 2.30ට කොළඹ 07 විද්‍යා මාවතේ ආපදා කළමනාකරණ ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.මෙහි ප්‍රදාන දේශණය ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන විසින් පවත්වනු ලබන අතර මෙම දේශනයෙහි මුද්‍රිත පිටපතක් පැමිණෙන අයට ලබාදීමට කටයුතු සංවිධානය කොට ඇත.මෙහිදී ප්‍රාසාංගික සහයෝගය නදීක ගුරුගේ සහ ඉන්දිකා උපමාලි විසින් ලබාදීමට නියමිතය.
සුනිල් සාන්ත රසිකයින්ට මෙම අවස්ථා සඳහා පැමිණෙන ලෙස එම සංවිධායකයින් ආරාධනා කරයි.