මේ අර්බුදය නිසා තැලෙන්නේ සාමාන්‍ය මිනිස්සු - රූකාන්ත ගුණතිලක
ජනාධිපතිවරයා ගත් තීරණය වෙනස් කර ලංකාව පෙර පැවති තත්වයට පත් කරන තෙක් 62 ලක්ෂයක ජනතාව බලාගෙන සිටින බව ප්‍රවීන ගායන ශිල්පී රූකාන්ත ගුණතිලක පවසයි.
ප්රජාතන්ත්රවාදය, යුක්තිය අගයන කලාකරුවන් සහ විද්වතුන්ගේ සහභාගිත්වයෙන් අද සවස විහාරමහා දේවි එළිමහන් රංග පීඨයේ දී පැවැත්වුණු “යුක්තියේ හඬ” වැඩසටහනට සහභාගී වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කර සිටියේ ය.
“මම විවෘතව ප්‍රකාශ කරන්න කැමතියි මිනිසුන් තීරණ ගන්නවා වෙනස් කරනවා. ජනාධිපතිවරයාට පුළුවන් තමන් ගත් තීරණය වෙනස් කරන්න, ලංකාව පෙර පැවති තත්වයට ගේන්න. නැතිනම් මේක කොහෙන් කෙලවර වෙයිද දන්නේ නැහැ. මේ වැඩෙන් තැලෙන්නේ ඔබට ඡන්දය දුන් සාමාන්‍ය ජනතාව.”
රටට වැරැද්දක් වුණ අවස්ථාවක රටට ආදරය කරන ජනතාව ලෙස ඒ වැරැද්ද නිවැරදි කරන්න හැකි වන්නේ ද ජනතාවටම පමණක් බවත් අපගේ රට අපි බලාගත යුතු බවත් ප්‍රවීන ගායන ශිල්පියා ප්‍රකාශ කළේය.
“අපි එක්කාසු වුණේ විශේෂ කාරණාවකට. අපේ අයිතිවාසිකම්, යුතුකම් මතක් කරලා දෙන්න. පාටක, වර්ගයක, ජාතියක ගැටළුවක් මෙතන නැහැ. මෙතන ඉන්නේ එක ජාතියයි. ඒ ශ්‍රී ලාංකිකයින්. ශ්‍රී ලාංකිකයින් ලෙස අපි රට බලාගත යුතුයි.”