වසර ගණනක් බලාසිටි “සංගිලි” රිදී තිරයට
ලලිත් පන්නිපිටියගේ දෙවැනි සිනමාපටය “සංගිලි” එළඹෙන වසරේ දී ප්‍රදර්ශනය කිරීමට නියමිත බවට වාර්තා වේ.
රුපියල් ලක්ෂ 80ක් පමණ වියදම් දරා සිදු කළ බවට පැවසෙන මෙම චිත්‍රපටයේ ප්‍රධාන භූමිකාවට පණ පොවන්නේ රංගන ශිල්පිනි දුලානි අනුරාධා විසිනි.
සනත් ගුණතිලක, සාරංග දිසාසේකර, වීණා ජයකොඩි ඇතුළු පිරිසක් “සංගිලි” සඳහා රංගන දායකත්වය සපයා තිබේ.
2012 දී වැඩ අවසන් කළ මෙම සිනමාපටයට වසර 5 කට අධික කාලයක් චිත්‍රපට පෝලිමේ බලා සිටීමට සිදුවුණි.
එහි ප්‍රතිපලයක් ලෙස “සංගිලි” හි චරිත නිරුපනය කළ ප්‍රවීන රංගන ශිල්පීන් දෙපළක් චිත්‍රපටය තිරගත කරන කාලය වනවිට ජිවතුන් අතර නැහැ.
ඒ අප අතරින් වෙන්ව ගිය ප්‍රවීන රංගන ශිල්පී විමල් කොස්තා සහ රංගන ශිල්පිනි රෙබෙකා නිර්මලී දෙදෙනා යි.
කේ. ජී. ශිරාණි ඩයස්, ජී. ධර්මරත්න “සංගිලි”චිත්‍රපටය සඳහා නිෂ්පාදනයෙන්ද, ඒ. එච්. කරුණාරත්න තිර රචනයෙන්ද, නිලන්ත පෙරේරා සහය අධ්‍යක්ෂණයෙන්ද, හේමචන්ද්‍ර පෙරේරා කලා අධ්‍යක්ෂණයෙන්ද, නිලන්ත චූලරත්න කැමරාකරණයෙන්ද, නිරංජන් චමින්ද පන්නිපිටිය හා පී. ඒ. එන් සුසන්ත නිෂ්පාදන කළමනාකාරිත්වයෙන්ද, ප්‍රවීන් ජයරත්න සංස්කරණයෙන්ද, සමන් පනාපිටිය සංගීත අධ්‍යක්ෂනයෙන්ද දායකත්වය ලබා දී ඇත.