2018 ලෝක රූ රැජින කිරුළ මෙක්සිකෝවට
මෙක්සිකානු නිරූපණ ශිල්පිනියක සහ සමාජ සේවිකාවක වන වෙනේසා පොන්ස් දෙ ලියොන් 2018 වසරේ ලෝක රූ රැජින ලෙස කිරුළු පැලඳුවා ය.
එම උත්සවය 8 සෙනසුරාදා චීනයේ හයිනාන් දුපතේ දී පැවැත්වුණි.
68 වැනි ලෝක රූ රැජින ලෙස ඇයට කිරුළු පැලඳවූයේ පසුගිය වසරේ ජයග්‍රාහිකාව වන ඉන්දීය ජාතික මනුෂි චිල්ලර් විසිනි.
රටවල් රැසක සුරූපිනියෝ එක් වී සිටි මෙවර ලෝක රූ රැජින තරගාවලියේ දෙවැනි ස්ථානය තායිලන්තය නියෝජනය කළ 20 හැවිරිදි නිකොලැන්ස් පිචාපායටත්, තෙවැනි ස්ථානය බෙලරූස් රාජ්‍යය නියෝජනය කළ මාරියා වැසිලෙවෙච්ටත් හිමිවිය.