වෙරෝනිකා ආපසු ඇවිත් 15 වැනිදා වේදිකාවට
බුද්ධික දමයන්තගේ වේදිකා නාට්‍ය නිර්මාණයක් වන “වෙරෝනිකා ආපසු ඇවිත්” මංගල දර්ශනය දෙසැම්බර් 15 වැනිදා රංගගත කිරීමට නියමිත ය.
ඒ එදින සවස 6.45 ට බොරැල්ල නාමෙල් මාලනී පුංචි තියටර් හි දී ය.
චන්ද්‍රසෝම බින්දුහේවා, ජයනාත් බණ්ඩාර, ෆර්නි රෝෂිනි “වෙරෝනිකා ආපසු ඇවිත්” සඳහා රංගන දායකත්වය සපයන අතර ළමා චරිත සඳහා දැහැමි අග්බෝ, සාලින්ද සම්පත් පණ පොවති.
“2012 වසරේදී බුද්ධික දමයන්ත විසින් නිෂ්පාදනය කළ සම්මානනීය, නාට්‍යක් වන "සිංදු කිරිල්ලි" නාට්‍යයට ඈදුතු නාට්‍යක් සේ, වේදිකා ගතවිමට නියමිත "වෙරෝනිකා ආපසු ඇවිත් " වේදිකාව මත දිග ඇරෙන්නෙ, ප්‍රසිද්ධ ගිත තාරකාවක් වීමේ අබිලාසයෙන්, තමා උපන් ගම් නිම්නය හා හදා වඩා ගත් වයසක සීයා අත ඇර නගරය කරා යන වෙරෝනිකා නැමති යුවතිය, අවුරුදු ගණනාවකට පසු තමා උපන් ගම් නිම්නය කරා, නැවත පැමිණීමත් සමග ය. ප්‍රසිද්ධ ගීත තාරකාවක් වීමේ බිද වැටුන සිහිනයත්, පොඩි දරුවෙකුත්, සගවාගත් රහසකුත් සමග නගරය අතහැර, තමා උපන් ගම් නිම්නයට නැවත පැමිණෙන වෙරෝනිකාට කුමක් සිදුවේද..? පැයකුත් විනාඩි තිහක පමණ කාලයක් මෙසේ වේදිකාව මත දිග ඇරෙන්නෙ, අපේ කාලයෙ තවත් එක් දිරිය කතකගෙ නොනවරත ජීවන අරගලයේ හද සසල කරවන ගීතමය අඬ හැරයයි. එක් පරම්පරාවකින් , ඊළඟ පරම්පරාවට දිගු කෙරෙන බලා පොරොත්තුවේ ගිනි දැල්ලයි. " ජිවත් වෙනවයි, සිංදු කියනවයි කියන්නෙ මට දෙකක් නෙවෙයි එකක්. සිංදුම තමයි මගෙ ජිවිතය. සිංදු කියනකොට විතරයි , මට දැනෙන්නෙ, මම ජිවත් වෙනවා කියලා"”
වැඩි විස්තර සඳහා 071 4801542 හෝ 077 6201848 යන දුරකතන අංක අමතන්න.