ඇජෙන්ඩා 14 කෙටි චිත්‍රපට උළලේ හොඳම චිත්‍රපට මෙන්න
අටවැනි වරටත් සංවිධාන කළ ඇජෙන්ඩා 14 කෙටි චිත්‍රපට උළලේ හොඳම කෙටි චිත්‍රපටය ලෙස ඩිමන් ජෝන්ගේ “Waves Interrupted” සම්මාන දිනා ගත්තේ ය.
පසුගිය දෙසැම්බර් 7 වැනිදා ආරම්භ කරන ලද චිත්‍රපට උළෙල 10 වැනිදා පස්වරුවේ පැවති සම්මාන ප්‍රධානෝත්සවයෙන් අනතුරුව නිමාවට පත්විය.
අශෝක හඳගම, සමන් වික්‍රමාරච්චි, කෞශල්‍යා ප්‍රනාන්දු, ජුආන් කාර්ලොස් සහ කයට්රි දිවකලාල උළලේ ජූරිය වශයෙන් කටයුතු කරන ලදී.
එහිදී සම්මාන බෙදී ගියේ මෙසේය,
ජූරියේ සම්මානය: රොෂාන් එඩ්වඩ්ගේ “Wind through the holes”
“ග්‍රීන්” සම්මානය: හිලුෂ හේවාගමගේ “Arise”
මතු බලාපොරොත්තු තැබිය හැකි නිර්මාණකරුවා: “Children of white” වෙනුවෙන් දුලංක දේවේන්ද්‍ර
ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ වඩාත් සංවේදී වූ කෙටි චිත්‍රපටය: ඩිමන් ජෝන්ගේ “Waves Interrupted”
සුනිලා අබේසේකර මානව හිමිකම් සම්මානය: රොෂාන් එඩ්වඩ්ගේ “Wind through the holes”
විශිෂ්ට රංගනය උදෙසා : මහේන්ද්‍ර පෙරේරා (Frozen heart)
චන්දිමා කරුණාදාස (Waves Interrupted)
සෙල්වම් ප්‍රනාන්දු (Wind through the holes)