ප්රවීන ගායන ශිල්පී උපාලි කන්නන්ගර අභාවප්රප්ත වෙයි
ප්රවීන ගායන ශිල්පී සහ සංගීත අධ්යක්ෂක උපාලි කන්නන්ගර අභාවප්රප්ත වී තිබේ.
හදිසි රෝගී තත්වයක් හේතුවෙන් පසුගිය දිනක රෝහල් ගත කළ ඔහු කොළඹ පෞද්ගලික රෝහලක ප්රතිකාර ලබමින් සිටිය දී දිවියෙන් සමුගත්තේ ය.
මියයන විට ඔහු 67 හැවිරිදි වියේ පසුවිය.
දුම්බර මිටියාවත පැත්තේ, ගෙලේ රන්මාල දා හැඩවී, පාරට කිට්ටුව වැනි ගීත ඔස්සේ රසික හදවත් දිනාගත් උපාලි කන්නන්ගර ප්රසංග වේදිකාවට නැතිවම බැරි ගායන ශිල්පියකු විය.