ප්රවීන ගායන ශිල්පී උපාලි කන්නන්ගරගේ අවසන් කටයුතු හෙට
අභාවප්රාප්ත ප්රවීන ගායන ශිල්පී උපාලි කන්නන්ගරගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට දින (15) සවස 4 ට කොහුවල පොදු සුසාන භුමියේ දී සිදු කිරීමට නියමිත ය.
ඒ මහතාගේ දේහය මේ වනවිට අංක 19/A, 4 වැනි පටුමග, ජම්බුගස්මුල්ල, නුගේගොඩ ලිපිනයේ පිහිටි ඔහුගේ නිවසේ තැම්පත් කර ඇත.
පෞද්ගලික රෝහලක් ප්රතිකාර ලබමින් සිටියදී දිවියෙන් සමුගත් උපාලි කන්නන්ගර මහතා මියයනවිට 67 හැවිරිදි වියේ පසුවිය.