එළඹෙන 15 වැනිදා කොළඹ නෙළුම් පොකුණ රඟහලේ පැවැත්වීමට නියමිතව තිබූ කලාභූෂණ සම්මාන උළෙල හදිසියේ කල්දමා ඇති බව වාර්තා වේ.
ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගේ ප්රධානත්වයෙන් පැවැත්වීමට තිබූ මෙම සම්මාන උළෙල දින නියමයක් නොමැතිව කල්දැමූ බව සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව පවසයි.
කෙසේ වෙතත් එය අවලංගු කිරීමට හේතුවූයේ කුමක්ද යන්න සම්බන්ධයෙන් සංස්කෘතික දෙපාර්තමේන්තුව කිසිවක් ප්රකාශ කර නොමැත.