ජලය යට රාජධානියක් වූ ඇට්ලන්ට්ස්හි, ආතර් කරී නම් වීරයෙතුගේ චරිතය වටා නිර්මාණය කරන ලද Aquaman චිත්රපටය මෙම මස 21 දින සිට ලොව පුරා සිටින සිනමා රසිකයින්ට දැකගන්නට හැකිවේ.
ජෙෆ් ජෝන්ස් ගේ Aquaman හාස්යෝත්පාදක කාටූනය පාදක කරගෙන සිනමා පටය නිර්මාණය කර තිබේ.
මෙහි නිෂ්පාදන කටයුතු ආරම්භ කෙරුනේ 2004 වසරේදී වුවද විවිධ හේතූන් නිසා මෙය අවසන් කිරීමට නොහැකිවිය. ඉන් වසර දහයකට පසු නැවතත් චිත්රපටයෙහි නිර්මාණ කටයුතු ඇරැඹිණි. මෙහි රූ ගත කිරීම් බොහොමයක් සිදුකෙරුනේ ක්වීන්ස්ලන්ඩ්හි ගෝල්ඩ් කෝස්ට් හිදීය.
මෙහි කාතා සාරාංශය වනුයේ,
අර්ධ මිනිස් අර්ධ ඇට්ලන්ටියානුවකු වන ආතර් කරි වඩදිය බාදිය පාලනයට ජල ජීවීන් සමඟ සම්බන්ධ වීමට අති ධ්වනි වේගයෙන් පිහිනීමට සමත් අයෙකි. ආතර්ගේ ආදරය දිනා ගන්නේ යුද වීරයකුවූ නේරියස් රජුගේ බලවත් දියණිය මේරාය.මේරා සිය ජලජ පරිසරය පාලනය කිරීමට හැකියාව ඇති අන් සිත් දැන ගැනීමේ ශක්තිය ඇති බලවන්තියකි.
තරුණ ආතර්ගේ චරිතය ජේසන් මොමෝවා විසින් නිරූපණය කරන අතර දහතුන් හැවිරිදි නව යොවුන් ආතර් ලෙස ඔටිස් ධන්ජි ද, නව හැවිරිදි ළමා ආතර් ලෙස කාන් ගුල්ඩුර් ද චරිත නිරූපණයෙහි යෙදෙති. ඇම්බර් හර්ඩ් මේරා ලෙස රඟන්නීය. ඇට්ලන්ට්ස්හි රැජින සහ ආතර් කරීගේත් ඕම්ගේත් මව වන ඇට්ලානාට පණ පොවන්නේ ජනප්රිය නිළි නිකොල් කිඩ්මන්ය.ඇය ඔස්කාර් සම්මාන ලාභිනියකි. සිනමා පටයට සම්බන්ධ ආතර්ගේ උපදේශකයා ලෙස රඟන විලෙම් ඩැෆෝ , කලා අධ්යක්ෂ දොන් බර්ගෙස් ද ඔස්කා සම්මාන සඳහා නිර්දේශ වූවන්ය. ඇක්වා මෑන් තිරගතවීමට ප්රථමයෙන්ම බොක්ස්ඔෆිස් වාර්තා පිහිටුවන බවට ඉඟි පළකර අවසන්ය.
මෙම චිත්රපටය අධ්යක්ෂ ජේම්ස් වෑන්ගේ ප්රථම හොලිවුඩ් සිනමා පටයයි.නිෂ්පාදනය පීටර් සෆ්රාන් සහ රොබ් කොවාන් ගෙනි.
ඩොලර් මිලියන 160 -200 ක් වැය කර නිපදවූ ඇක්වාමෑන් ලොව පුරා දෙසැම්බර් 21 වැනි දින සිටත් තිරගත කෙරෙන ඇක්වාමෑන් සිනමා පටයේ ටිකට් පත් චීනයේ පමණක් ඩොලර් මිලියන 94ක ආදායමක් ලබාදෙමින් දැනටමත් අලෙවි වී ඇත.