ඉන්දියාවේ දේශපාලනය උණුසුම් මුහුණුවරක් ගෙන තිබෙන්නේ 2019 වසරේ පැවැත්වීමට නියමිත මැතිවරණයන් නිසාය. ජනප්‍රිය සිනමා තරු දේශපාලනයට සම්බන්ධ කරගන්නට බොහෝ දේශපලාන පක්ෂ උනන්දුවක් දක්වන්නේ තම පක්ෂයට ජනතා ආකර්ෂණය ලබාගැනීමටය.
පසුගියදා බොලිවුඩයේ සුපිරි තරුවක් වන මධුරි ඩික්සිත් භාරතීය ජනතා පක්ෂය නියෝජනය කරමින් 2019 වසරේ මහ මැතිවරණයට පූනේ ලොක් සභා ඡන්ද කොට්ඨාසයෙන් ඉදිරිපත් වන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණි.
නමුත් මධුරිගේ මාධ්‍ය ප්‍රකාශක මාධ්‍ය වෙත ප්‍රකාශකොට තිබුනේ ඒ කතාව සම්පූර්ණයෙන්ම අසත්‍ය බවයි.
නමුත් බීජේපී පක්ෂයේ ජේ්‍යෂ්ට නායකයෙකු පවසා තිබුනේ එලැඹෙන මහමැතිවරණය සඳහා මධුරිගේ නම යෝජනා වී ඇති බවයි.
කෙසේවුවත් මේ අවස්ථාවේ මධුරි මැතිවරණයට ඉදිරිපත් නොවන බව ප්‍රකාශ කළත් ඉදිරියේදී යළිත් ඇය පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් විය හැකියි.