ජෝන් ඩන් රචනා කළ කාව්‍ය නිර්මාණ සහිත අප්‍රකට අත්පිටපතක්
ඉංග්‍රීසි බසින් විශිෂ්ට කාව්‍ය නිර්මාණ රැසක් රචනා කරමින්, 17 වැනි සියවසට අයත් කවියකු සහ ලේඛකයකු ලෙස පිළිගැනීමට පාත්රව සිටි ජෝන් ඩන් රචනා කළ කාව්‍ය නිර්මාණ සහිත අප්‍රකට අත්පිටපතක් එංගලන්තයේ ගම්බද ප්‍රදේශයක පිහිටි නිවෙසක තිබී පසුගියදා හමු වුණා.
තවත් ලිපිලේඛන රැසක් සමඟ පෙට්ටියක බහා තිබී හමු වූ මෙය වසර 400ක් පමණ පැරණි අත්පිටපතක් බව අනාවරණය වී තිබෙනවා. ජෝන් ඩන්ගේ කාව්‍ය නිර්මාණ ඇතුළත් විශාලතම අත්පිටපත විය හැකි යැයි අනුමාන කෙරෙන මෙය ස්ටර්ලිං පවුම් 200,000 කට අධික වටිනාකමකින් යුතු යැයි පැවසෙනවා. මේ අත්පිටපත ජෝන් ඩන් ජීවත්ව සිටි කාලය තුළදීම මුද්‍රණය සඳහා සකසන ලද්දක් බවද පෙනී ගොස් තිබෙනවා.
තමන් රචනා කළ නිර්මාණ මුද්‍රණය කිරීමට උනන්දුවක් නොදැක්වූ කවියකු ලෙස සැලකෙන ජෝන් ඩන් මේ අත්පිටපත කෘතියක් ලෙස පළ කිරීමට පියවර ගෙන නැහැ. ඔහුගේ සෙසු බොහෝ අත්පිටපත් මෙන්ම මෙයද අප්රකාශිතව පැවතීමට එය හේතුවක් වන්නට ඇතැයි සැලකෙනවා.
මේනුක විතාන