දිනේෂ් සුබසිංහ කියන්නේ මෙරට තරුණ පරපුරේ සම්මානනීය සංගීත අධ්යක්ෂවරයෙක්. ඒ වගේම අති දක්ෂ වාදන ශිල්පියෙක්.
සංගීතයේ නව මානයන් සොයා යන තරුණයකු ලෙස ඔහු මෙවර දකුණු ආසියානු තරුණ සම්මේලනයේ දී ඇගයීමට පවා ලක් වුණා.
ඒ වගේම පසුගිය දිනක ඔහු සිය මුහුණු පොතෙහි තැබූ සටහනක් ගැන බොහෝ දෙනකුගේ අවධානය යොමු වී තිබුණා.
මේ තරුණ කලාකරුවා තරමක් කලකිරීමෙන් යුතුව තැබූ සටහනක් ලෙසයි බැලූ බැල්මට එය පෙනෙන්නට තිබුණේ.
“මට අද දෙයක් කියන්න සිතුනා” යනුවෙන් ලියූ එම සටහන පහතින්,
“මින් පසු කිසිඳු දේශපාලඥයකු සහභාගී වන වැඩසටහනකට හෝ ප්‍රසංගයකට ආරක්ෂක මහතුන් වෙතින් මගේ ශරීරය හෝ මගේ සංගීත වාද්‍ය භාණ්ඩ පරික්ෂාවට ලක්වන කිසිදු කටයුත්තකට මා හට ආරාධනා නොකරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
හේතුව හොරුන්ව පරික්ෂා නොකරන අහිංසක මිනිසුන්ව හොරුන් ලෙස ආරක්ෂක උපකරණ මගින් පරික්ෂා කරන ලෝකේ එකම රට මෙය බැවිනි.”