සරුංගල් රිදී තිරයට
ටෙලි හා චිත්‍රපට අධ්යක්ෂ නාලක විතානගේ තිර රචනා කර අධ්‍යක්ෂණය කළ සරුංගල් චිත්‍රපටය දෙසැම්බර් 14දා සිට එම්.පී.අයි. මණ්ඩලයේ සිනමාශාලා හි තිරගත කිරීම ආරම්භ විය.
නූතන ප්‍රේම කතාන්දරය අතර වෙනස්ම කතා තේමාවක් රැගත් “සරුංගල්” නම්කොට ඇත්තේ ෆැන්ටසි ආදරයක රියැලිටි අරුමැසිය ලෙසටය.
චරිත් අබේසිංහ, චමත්කා ලක්මිණී, සාරංග දිසාසේකර, ශාලිකා එදිරිසිංහ, සූරියා දයාරුවන්, ජනක රණසිංහ, චින්තක පීරිස් සහ සුනෙත් මැල්සිරිපුර ඇතුළු රංගන ශිල්පින් ශිල්පිනියන් මේ සඳහා රංගනයෙන් දායක වී තිබේ.
සරුංගල් හි සහය අධ්‍යක්ෂණය කැලුම් උඩවාවල සහ පැතුම් ඒකනායක, කලා අධ්‍යක්ෂණය ධනුක බාලාරච්චි, අංගරචනය අරුණ ශාන්ත, සංගීත අධ්‍යක්ෂණය රංග දසනායක, කැමරා අධ්‍යක්ෂණය මංජුල කුමාරතුංග විසින් සිදු කර ඇත.
මෙම සිනමාපටය තරංග අතුරලියගේ සහ ඒ.පාරිස්ටර්ගේ නිෂ්පාදනයකි.