රැප් සංගීතය තහනම් කිරීම සිදු කළ නොහැකි බැවින් එය පාලනය කිරීම සම්බන්ධයෙන් රජය වැඩි අවධානයක් යොමු කළ යුතු බව
රුසියානු ජනපති ව්ලැඩිමීර් පුටින් පවසා තිබේ.
රුසියානු රැප් ගායන ශිල්පී හස්කි අත්අඩංගුවට ගෙන ඔහුගේ ප්‍රසංග කිහිපයක් අවලංගු කළ පසුබිමක ජනාධිපතිවරයා මේ බව පවසා ඇත.
එරට දකුණු ප්‍රදේශයේ නගරයක් වන Krasnodar හි බලධාරීන් මෙම රැප් ගායකයාගේ ප්‍රසංග දෙසැම්බරයේ දී අවලංගු කිරීමට කටයුතු කළේ “අන්තවාදය” පතුරවන බවට හේතු දක්වමිනි.
දිමිත්‍රි කුස්නෙට්සෝ යන්න ඔහුගේ සැබෑ නාමය වේ.
මෝටර් රථයක වහලය මත නැඟී රසිකයින් වෙනුවෙන් ගායනා කළ ඔහු දින 12 කාලයක් සඳහා සිර ගත කෙරුණි.
“රැප් සහ අනෙකුත් නවීන දේවල් (කලා අංග) ආධාරක තුනක් මත රඳා පවතිනවා - ලිංගිකත්වය,මත්ද්‍රව්‍ය සහ උද්ඝෝෂණ,” යනුවෙන් රුසියානු ජනපති ව්ලැඩිමීර් පුටින් පවසා තිබේ.
“මම වැඩිපුරම වද වෙන්නේ මත්ද්‍රව්‍ය ගැන. ජාතියේ පරිහානියට පාර කියන්නේ මෙය යි.”
කෙසේ වෙතත් රුසියානු රජය සහ සංගීතය අතර සම්බන්ධය දිගු කලක පටන් තරමක් සංකීර්ණ ස්වභාවයක් ගනියි.