වෙනස් ආරක කතා තේමාවක් රැගත් “ත්රෛලෝකා” ටෙලි නිර්මාණය ප්රදීප් ධර්මදාසගේ අධ්යක්ෂණයකි.
කොටස් දහ හතරකින් සමන්විත මෙම ටෙලි නිර්මාණය දෙසැම්බර් 15 වැනිදා සිට සෑම සෙනසුරාදාම රාත්රී 7.30 ට ස්වාධින රූපවාහිනිය ඔස්සේ විකාශය කෙරේ.
"ත්රෛලෝකා" සඳහා කළණ ගුණසේකර, දසුන් පතිරණ, පූජන දන්දෙණිය, දයාදේව එදිරිසිංහ, ශ්රියන්ත මෙන්ඩිස්, උමයංගනා වික්රමසිංහ, කෝරලගේ සමන්, නිරංජනී ශම්මුගරාජා, වසන්ති රන්වල, ආනන්ද කුමාර, මයුර කාංචන, හරිඳු රංගජිත්, සරත් කරුණාරත්න, ජෙහාන් අප්පුහාමු, කසුනි කාවින්දි, සංජීව දිසානායක, ගාමිණී ජයරත්න ඇතුළු රංගන ශිල්පීන් ශිල්පිනියන් රැසක් දායක වේ.
චාලක රණසූරියගේ සහ නිලන්ත පෙරේරාගේ තිරරචනයෙන්ද, ජීවන මනරම්ගේ නිෂ්පාදනයෙන්ද, ලක්රුවන් දි සේරම්ගේ සංස්කරණයෙන්ද, විශ්ව සංකල්ප ඇල්දෙණියගේ සංගීතයෙන්ද, අජන්ත අලහකෝන්ගේ කලා අධ්යක්ෂණයෙන්ද, නාරද තොටගමුව වේශ නිරූපණයෙන් ද, මේඝ කාවින්ද වර්ණ සංයෝජනයෙන් ද “ත්රෛලෝකා” නිර්මාණය වී තිබේ.