සහය නිළිය එල්ල කරන චෝදනා ප්‍රවීන නළුවා ප්‍රතික්ෂේප කරයි
රංගන ශිල්පිනියක් ඉදිරියේ අශෝබන ලෙස හැසිරුණු බවට නැගෙන චෝදනා ප්‍රකට ඕස්ට්‍රේලියානු රංගන ශිල්පී ජොෆ්රි රශ් ප්‍රතික්ෂේප කර තිබේ.
ඔස්කාර් සම්මානලාභී රංගන ශිල්පියා හා තමන් දායකත්වය සැපයු වේදිකා නාට්‍යයක් රංගගත කළ 2010 වසරේ දී මෙම සිදුවීමට මුහුණ දුන් බව Orange is the New Black නම් ඇමරිකානු වෙබ් ටෙලි මාලාවේ රඟපෑ යේල් ස්ටෝන් ප්‍රකාශ කර ඇත.
ජොෆ්රි රශ් ඇය ඉදිරියේ නිරුවතින් නැටූ බවත්, නාන දෙස බලා සිටි බවත්, අසභ්‍ය කෙටි පණිවිඩ එවූ බවත් ඇය චෝදනා එල්ල කරන්නී ය.
අනවශ්‍ය ලෙස සිය සිරුර ස්පර්ශ කළ බවට එරින් ජින් නෝවිල් නම් රංගන ශිල්පිනිය ද මෙම වසර මුලදී ඔහුට චෝදනා එල්ල කළා ය.
එම චෝදනා ද ඔහු ප්‍රතික්ෂේප කර තිබුණි.