අතුරු මිතුරු හරි අපූරු 20 වැනිදා සිට රිදී තිරයට
ලාල් දේවප්‍රියගේ නවතම සිනමා නිර්මාණය “අතුරු මිතුරු හරි අපූරු” දෙසැම්බර් 20 වැනිදා සිට රීගල්, ලිඩෝ ඇතුළු දිවයින පුරා සිනමාශාලා 80ක ප්‍රදර්ශනය කිරීමට නියමිත ය.
මෙම සිනමාපටයෙ ප්‍රධාන චරිතය මහේන්ද්‍ර පෙරේරා විසින් රඟ දක්වන අතර සෙසු චරිත සඳහා රජීව් නානායක්කාර, සුරංග සතරසිංහ, මානෙල් වානගුරු, ඩී. බී. ගංගොඩතැන්න, ෂයිනි අංජුලි නයනතරා (හඳුන්වා දෙන) රනිල් සුරංග, රංග විජේවික්‍රම නෙත්මි මේනකා, ඉනෝකා එදිරිසිංහ, සුරේනි සෙනරත්, ආරියසේන ගමගේ, මහේෂ් රන්දෙණිය, සුනිල් ප්‍රේමකුමාර, දොන් ගයි, සුගත් ජානක, මහින්ද ඉහළගම, ඩීමන් හෙට්ටිආරච්චි, ගාමිණී සුභසිංහ, සමන්ත හිගුරනගේ පණ පොවති.
අප අතරින් වෙන්ව ගිය ගායන සහ රංගන ශිල්පී රොනී ලීච් ද “අතුරු මිතුරු” වෙනුවෙන් රංගන දායකත්වය සපයා තිබේ.
ලාල් ප්‍රියදේව තිර රචනයෙන්, මංජුල කුමාරතුංග කැමරා අධ්‍යක්ෂණයෙන්, මනෝජ් කුමාර් සෙල්වරාජ් අංග රචනයෙන්, තිලංක පෙරේරා දෘශ්‍ය ප්‍රයෝග සහ සංස්කරණයෙන්, සම්පත් සිරිල් රත්නායක සහාය අධ්‍යක්ෂණයෙන්, ටෙඩී විද්‍යාලංකාර ක්‍රියාදාම අධ්‍යක්ෂණයෙන්, විශාරද එඩ්වඩ් ජයකොඩි සංගීතය සහ ගායනයෙන්, මහාචාර්ය සුනිල් ආරියරත්න සහ සමන් චන්ද්‍රනාත් වීරසිංහ ගී පද රචනයෙන් මේ සඳහා එක් වී ඇත.
“අතුරු මිතුරු හරි අපූරු” නිෂ්පාදනය එන්. උදයකුමාර් සමඟ පී. ආරූරන් විසිනි.