බදු මුදල් නොගෙවූ බවට ශකිරාට චෝදනා
ඩොලර් මිලියන 16 කට අධික බදු මුදල් ගෙවීම පැහැර හළ බවට ස්පාඤ්ඤ අධිකරණයක් විසින් සුපිරි පොප් ගායිකා ශකිරාට චෝදනා එල්ල කර තිබේ.
බදු මුදල් ගෙවීමට සිදුවන බැවින් 2012 සිට 2014 යන කාලය අතරතුර බහමාස් හි දිවි ගෙවූ බවට ශකිරා ප්‍රකාශ කර තිබෙන බවත් ඒ නමුත් ඇය සැබවින්ම සිය සහකරු සමඟ ස්පාඤ්ඤයෙ වාසය කළ බවත් එම චෝදනා මගින් පෙන්වා දී ඇත.
කෙසේ වෙතත් ගායිකා ශකිරා තමන් වෙතට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කර සිටියි.
පසුගිය සිකුරාදා නිවේදනයක් නිකුත් කරමින් ඇය ප්‍රකාශ කර ඇත්තේ අදාළ කාල සිමාව තුල තමා ස්පාඤ්ඤයෙ නිත්‍ය පදිංචිකරුවෙක් නොවන බවයි.