ජනප්‍රිය ගායන ශිල්පි ළහිරු පෙරේරා La Signore නමින් ද රසිකයින් අතර ප්‍රචලිත යි.
La Signore කියන නමින්ම ඔහු අලුත් වැඩකට අත ගහලා තියෙනවා කියලා අපිට දැනගන්න ලැබුණා.
මේ අලුත් ගීතයක් සම්බන්ධ දෙයක් නම් නෙවෙයි, සුවඳට සම්බන්ධ ව්‍යාපාරයක්. කොටින්ම කියනවනම් La Signore The Fragrance නමින් සුවඳ විලවුන් වෙළඳ නාමයක් පසුගියදා ඔහු ආරම්භ කළා.
RAMBARI, Mr.LS, Ms.LS, China town වැනි නම් වලින් මෙම නිෂ්පාදන එළිදක්වා තිබෙනවා. ඒ වගේම ගී පද රචක මනුරංග විජේසේකර වෙනුවෙන් Rambari-Manu විශේෂිත සුවඳ විලවුන් වර්ගයක් ද එළිදැක්වීමට ළහිරු පෙරේරා කටයුතු කර තිබුණා.
ළහිරු පෙරේරා තමන්ගේ මවට ද La Signore නිෂ්පාදනයක් ලබා දීමට කටයුතු කර තිබුණා. ඒ ගැන ඔහු සිය ෆේස්බුක් පිටුවෙහි තබා තිබුණේ මෙවැනි සටහනක්,
“බලන්න අම්මේ, මං ඔයාට වඩා උස ගිහින්. මාව මේ ලෝකෙට බිහි කරලා බඩගින්නක් දැනෙන්න දෙන්නේ නැතුව මාව මේ තරමට උස මහත් කරන්න වින්ද මහන්සිය මට ඉස්සරට වඩා තේරෙනවා අම්මේ.මොකද මම පුත්තු දෙන්නෙක්ගේ තාත්තෙක්.උන් දෙන්නව හදන්න මගේ wife එයාගෙ මුළු ජීවිතේම කැප කරලා ඉවරයි.ඔයා ඔයාගේ ආසාවන් මගේ ජීවිතේ වෙනුවෙන් කැප කළා, තවමත් කැප කරනවා කියලා මට දැන් හොඳටම තේරෙනවා අම්මේ.ලෝකේ ඉන්න හැම අම්මා කෙනෙක්ම තමන්ගේ දරුවන් වෙනුවෙන් මේ දේ කරනවා ඇති.මම ටිකෙන් ටික දියුණු වෙනවා බලාගෙන සතුටු කඳුළු හෙළන අම්මාව දැක්කාම මම අති සාර්ථකයි කියලා මට හිතෙනවා.@la_signore_the_fragrance කියන්නේ මගේ ජීවිතේ ලොකුම පිම්මක්.ඉන්දියාවේ ගායකයෙක් වත් කරලා නැති වැඩක් ලංකාවේ මං වගේ පොඩි කලා කරුවෙක්ට කරන්න පුළුවන් වුනේ අම්මා මට පොඩි කාලේ ඉඳල පුරුදු කරපු හොඳ ගුණාංග හින්දා වෙන්න ඇති.ඒක හින්දා මගේ පළවෙනි perfume එක දෙන්නේ මගේ අම්මාට.අම්මේ ඔයාගේ පුතා වැඩ පටන් ගත්තා විතරයි.ඉස්සරහට ගොඩක් දේවල් එයා කරයි.මගේ හැම දේකට මගේ අම්මා මට මුළු හදවතින්ම ආශිර්වාද කරනවා කියලා මම දන්නවා.ඒක හින්දා කාටවත් ඔයාගේ පුතාව නවත්තන්න බැහැ.මං වෙනුවෙන් කරපු හැම දේකටම මං අම්මාට ණයගැතියි.හැමදාම සතුටින් ඉන්න අම්මේ.මං ඔයාට ආදරෙයි.”