91 වැනි ඔස්කාර් සම්මාන උළෙල සඳහා නිළ වශයෙන් සුදුසුකම් ලැබූ සිනමාපට අතරට
මෙරට සිනමා නිර්මාණ දෙකක් වන අනුරුද්ධ ජයසිංහගේ ගින්නෙන් උපන් සීතල(Frozen Fire) සහ චන්ද්‍රන් රත්නම්ගේ අනුරාගිනි(According to Matthew) ඇතුලත් වී තිබේ.
Academy of Motion Picture Arts and Sciences විසින් 18 අඟහරුවාදා නිකුත් කළ නිවේදනය අනුව මෙවර ඇකඩමි සම්මාන සඳහා මුලික වටයට සුදුසුකම් ලත් වෘතාන්ත චිත්‍රපට සංඛ්‍යාව 347ක් වන අතර මේ වනවිට මෙරට තුල ප්‍රදර්ශනය කෙරෙන චන්ද්‍රන් රත්නම්ගේ අනුරාගිනි සහ එළඹෙන ජනවාරි 18 වැනිදා සිට දිවයින පුරා ප්‍රදර්ශනය කිරීමට නියමිත අනුරුද්ධ ජයසිංහගේ ගින්නෙන් උපන් සීතල ඊට ඇතුලත් වේ.
මෙම චිත්‍රපට හොඳම සිනමා නිර්මාණය ඇතුළු සම්මාන කිහිපයක් වෙනුවෙන් තරග වැදීමට නියමිත ය.
ඇකඩමි සම්මාන උළෙලට ඇතුලත් වීමට විනාඩි 40 කට වැඩි ධාවන කාලයක් තිබීම, 35mm හෝ 70mm හෝ සුදුසු ඩිජිටල් ආකෘතියකින් ප්‍රදර්ශනය කිරීම, දෙසැම්බර් 31ට පෙර ලොස් ඇන්ජලිස් නුවර සිනමා ශාලාවක අඛණ්ඩව දින 7 ක් ප්‍රදර්ශනය කිරීම වැනි සුදුසුකම් සම්පුර්ණ කළ යුතු ය.
ඔස්කාර් සම්මාන උළලේ අවසන් නිර්දේශ ලැබූ චිත්‍රපට ජනවාරි 22 වැනිදා නිවේදනය කිරීමට නියමිත අතර සම්මාන උළෙල පෙබරවාරි 24 වැනිදා ඇමරිකාවේ හොලිවුඩ් ඩොල්බි තියෙටර් හිදී පැවැත්වෙනු ඇත.
ලෝක ප්‍රකට සම්මාන උළෙල නියෝජනයට සුදුසුකම් ලැබූ මෙරට කලාකරුවන් සියලු දෙනාටම මිරර් ආට්ස් උණුසුම් සුබ පැතුම්!