ළමා චිත්‍රපට දෙකක් එකවර ප්‍රදර්ශනයට
සුනිල් ප්‍රේමරත්නගේ “ටවුමේ ඉස්කෝලේ” සහ ලාල් ප්‍රියදේවගේ “අතුරු මිතුරු හරි අපූරු” යන ළමා චිත්‍රපට දෙක අද (20) දින සිට දිවයින පුරා සිනමාශාලාවල තිරගත කෙරේ.
2018 වසරේ තිරගත කෙරෙන අවසන් සිනමා නිර්මාණ ලෙස ළමා චිත්‍රපට දෙකක් එකවර ප්‍රදර්ශනය කිරීම සුවිශේෂී කාරණය කි.
බිමල් ජයකොඩි, තාරුකා වන්නිආරච්චි, කුමාර තිරිමාදුර, රොෂාන් පිළපිටිය, සුසිලා කෝට්ටගේ, උමයංගනා වික්‍රමසිංහ, චරිත් සේනානායක, ජගත් ගලප්පත්ති, දිමුතු චින්තක, අනෝජා වීරසේකර, ජීවනී නිරුපා, කීර්ති රංජිත්, අසංක දේවමිත්ර පෙරේරා, රංජිත් රූබන්, යොහානි හංසිකා, දිනුර නාගසිංහ ඇතුළු කලා ශිල්පින් “ටවුමේ ඉස්කෝලේ” චිත්‍රපට සඳහා ද මහේන්ද්‍ර පෙරේරා සුරංග සතරසිංහ, රොනි ලීච්, රජීව් නානායක්කාර, මානෙල් වානාගුරු, ඩී. බී. ගංගොඩතැන්න, ෂයිනි අංජුලා නයනතරා, රනිල් සුරංග, රංග විජේවික්‍රම, නෙත්මි මේනකා, ඉනෝකා එදිරිසිංහ, සුරේනි සෙනරත්, ආරියසේන ගමගේ මහේෂ් රන්දෙණිය, සුනිල් ප්‍රේමකුමාර, දොන් ගයි, සුගත් ජානක, මහින්ද ඉහළගම, ඩීමන් හෙට්ටිආරච්චි, ගාමිණී සුභසිංහ, සමන්ත හිගුරගේ ඇතුළු කලා ශිල්පින් “අතුරු මිතුරු හරි අපූරු” චිත්‍රපටය සඳහා ද රංගන දායකත්වය සපයා තිබේ.