අන්තර්ජාතික වශයෙන් සම්මානයට පවා පාත්‍ර වූ සිනමා අධ්යක්ෂ සංජිව පුෂ්පකුමාරගේ චිත්‍රපට
ලංකාව තුළ දැඩි විවේචනයටත්, අන්දෝලනයටත් තුඩු දුන් බව පැවසිය යුතු ය.
ඉගිල්ලෙන මාළුවෝ, දැවෙන විහඟුන් වැනි සිනමා නිර්මාණ සමඟින් අප අතරට ආ මෙම සම්මානිත අධ්යක්ෂවරයා අලුත් චිත්‍රපටයක් කිරීමේ සුදානමින් පසුවන බව වාර්තා වනවා.
අද්විතීය ගායන ශිල්පී එච්.ආර්. ජෝතිපාලයන්ගේ චරිතය මුල් කරගනිමින් එම සිනමා නිර්මාණය සිදු කිරීමට ඔහු සුදානම් වන බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
සංජිව, මේ දිනවල ඒ සම්බන්ධයෙන් අධ්‍යනය කරමින් සිටින බවට වැඩිදුරටත් වාර්තා වනවා.