තමන්ගේ දිගු කාලින පෙම්වතා වූ ඕස්ට්‍රේලියානු රංගන ශිල්පී ලියාම් හෙම්ස්වර්ත්
සමඟින් විවාහ වූ බවට ඇමරිකානු පොප් ගායිකා මයිලි සයිරස් තහවුරු කර තිබේ.
පසුගිය ඉරිදා (23) සිදු බවට වාර්තා වන විවාහ උත්සවයේ ඡායාරූප කිහිපයක් ඇය ට්විටර් සමාජ මාධ්‍යයේ පළ කර ඇත.
මින් වසර 10 කට පමණ පෙර එනම් The Last Song නම් සිනමාපටය රූපගත කළ කාලයේ දී ඔවුන් දෙදෙනා දැන හඳුනාගෙන තිබුණි.
පසුගිය නොවැම්බරයේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ඇති වූ දරුණු ලැව්ගිනි නිසා සිය නිවෙස ඔවුන්ට අහිමි වූ අතර ඒ හේතුවෙන් ටෙනිසි ප්‍රාන්තයේ පිහිටි සයිරස්ගේ වෙනත් නිවෙසක විවාහ උත්සවය පවත්වා ඇතැයි වාර්තා වේ.
පවුලේ ඥාතීන් සහ සමීපතම හිත මිතුරන් කිහිපදෙනකුගේ සහභාගිත්වයෙන් කුඩා විවාහ උත්සවයක් පැවැත්වූ බව වැඩිදුරටත් වාර්තා වේ.