“පාංශු” පූනේ ජාත්‍යන්තර චිත්‍රපට උළලට
විසාකේස චන්ද්‍රසේකරම්ගේ “පාංශු” චිත්‍රපටයේ ප්‍රථම ආසියාතික දර්ශනය පූනේ ජාත්‍යන්තර චිත්‍රපට උළලේ දී (PIFF) පැවැත්වීමට නියමිත ය.
ඒ අනුව මෙම සිනමා කෘතිය, උළලේ ජගත් තරගාවලිය(World Competition) යන කාණ්ඩය යටතේ තරග වදින සිනමාපට 14 ට ඇතුලත් වේ.
17 වැනි වරට සංවිධාන කෙරෙන පූනේ ජාත්‍යන්තර චිත්‍රපට උළල එළඹෙන ජනවාරි 10 වැනිදා සිට 17 වැනිදා දක්වා ඉන්දියාවේ දී පැවැත්වීමට නියමිත ය.
88/89 භීෂණ සමයේ අතුරුදහන් වූ පුතු සොයා ගරා වැටුණු උසාවි මැදිරියක සිට ජරා ජීර්ණ වූ නීතියේ පිහිට අයදින මවකගේ අරගලය පාදක වී “පාංශු” හි ප්‍රථම ජාත්‍යන්තර දර්ශනය පසුගිය සැප්තැම්බර් මස මොන්ට්‍රියල් ජගත් සිනමා උළලේ දී පැවැත්වුණි.
නීටා ෆර්නැන්ඩු, ජගත් මනුවර්ණ, නදී කම්මැල්ලවීර, රන්දික ගුණතිලක, මැල්කම් මචාඩෝ ඇතුළු රංගන ශිල්පී ශිල්පිනියන් රැසක් මේ සඳහා රංගන දායකත්වය සපයා ඇත.