රයිගම් සම්මාන උළෙල මාර්තු 23 වැනිදා
15 වැනි වරට සංවිධාන කෙරෙන රයිගම් ටෙලිස් සම්මාන උළෙල එළඹෙන වසරේ මාර්තු 23 වැනිදා පැවැත්වීමට කටයුතු සුදානම් කර තිබේ.
මෙවර උළෙල “පලිඟු ජයන්තිය” ලෙසින් නම් කර ඇත.
ටෙලි නාට්‍ය මෙන්ම ළමා, ක්‍රීඩා, දේශපාලන, ප්රවෘත්ති, වාර්තා, රියැලිටි සහ වෙනත් විවිධ වැඩසටහන් සහ තාක්ෂණ යන අංශ ආවරණය වන පරිදි පැවැත්වෙන සම්මාන උළෙල සඳහා නිර්මාණ භාර ගැනීම මේ වනවිටත් ආරම්භ කර තිබේ. නිර්මාණ භාර ගන්නා අවසන් දිනය ජනවාරි 15 වැනිදා ය.
2018 වර්ෂය තුළ අවසාන කොටස විකාශය කළ දේශීය ටෙලි නාට්‍ය, 2018 වර්ෂය තුළදී ශ්‍රී ලංකාවේ රූපවාහිනී නාළිකාවක් ඔස්සේ ප්‍රථම වරට විකාශය වී ඇති නිර්මාණ (නැවත විකාශය කළ නිර්මාණ සලකා නොබැලේ) රයිගම් උළලේ සම්මාන සඳහා සුදුසුකම් ලබන අතර කේබල් රූපවාහිනී සහ මුදල් ගෙවා පමණක් නැරඹිය හැකි නාළිකාවල පමණක් විකාශය වූ නිර්මාණ සහ හඬකැවීම් ඇතුළු කිසිදු විදේශ නිර්මාණයක් (හඬ කැවීම් වැඩසටහන උදෙසා වන සම්මානය සඳහා හැර ) ඒ සඳහා සුදුසුකම් නොලබයි.
වැඩසටහන් ඉදිරිපත් කිරීම සහ නිවේදක නිවේදිකා අංශය සඳහා අදාල නාළිකාව මගින් හෝ තනිව අයදුම් කළ හැකි අතර ප්රවෘත්ති නිවේදක සහ සම්ප්‍රෙව්ශක කුලකය යටතේ සම්මාන ලබන ඕනෑම ශිල්පියකුට හෝ ශිල්පිනියකට එම සම්මානය සඳහා වසර 03 ක් ගතවීමෙන් අනතුරුව නැවත අයදුම් කළ හැකිය.